ලලිත් චාමින්ද-
ලංකාවේ දෙවැනියට අපරාධ සිදුවන පළාත බවට දකුණු පළාත පත්ව ඇති බැවින් මෙම අපරාධවලට හේතුවන කරුණු සොයා බැලීම සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.
මෙම පර්යේෂණය රුහුණු විශ්වවිද්‍යාලය මගින් සිදුකරණ බවද හෙතෙම පවසයි.
ඒ පිළිබඳ විශ්වවිද්‍යාලයේ බලධාරින් සමග සාකච්ඡාකොට ඇති බවත් මෙම පර්යේෂණය මගින් අපරාධ ඇතිවිමට හේතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරණ ලෙස දන්වා ඇති බවත් ආණ්ඩුකාර බන්දු හරිස්චන්ද්‍ර පෙන්වාදෙයි.
මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
” ලංකාවේ බස්නාහිර පළාත හැරුණුවිට දෙවැනියට වැඩිම අපරාධ සිදුවන්නේ දකුණු පළාත තුළ. ආරක්ෂක කමිටුවේ දි අපි තින්දුවක් ගත්තා අපරාධ ඇතිවිමට හේතුවන සමාජිය ගැටලු සොයා බැලීම සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්න. පොලිසිය සතුව අපරාධ තොරතුරු, අපරාධ සිදුවූ ස්ථාන, අධිකරණයේ දඩුවම් ලබාදීම පිළිබඳ තාක්ෂණික තොරතුරු තියෙනවා. අපරාධ සිදුවන්නේ ඇයිද යන්න පිළිබද විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළයුතුව තිබෙනවා.” ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.







