මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මාරපොල පිහිටි නිවසක් පරීක්ෂා කිරිමට ගිය වේයන්ගොඩ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට කඩුවකින් පහරදී පළායාමට සූදානම් වූ යුවළක් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
නිවස තුළ මෙම යුවළ මත්කුඩු කුඩා පැකට්වලට අසුරමින් සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
එසේ අසුරමින් තිබුණු හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 12400ක් සමඟ ඇසුරුම් කිරීමට යොදා ගන්නා කඩදාසි සමග කුඩා විදුලි තරාදියක්ද පොලිසිය විසින් නිවසේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් කාන්තාව අවුරුදු 18ක් වන තැනැත්තියක් වන අතර ඇය එම නිවසේ පදිංචිකාරියකි. අනෙත්
සැකකරු මිනුවන්ගොඩ කටුවැල්ලේගම පදිංචිකරුවෙකි. – ( ගයාන් කුමාර විරසිංහ – දිනමිණ)







