ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත්කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ලබාගත්තේ සිද්ධියක් සම්බන්ධව අල්ලස් හෝ දුෂණ කොමිසම මුලින්ම නඩු පවරන්නේ 2015 වසරේ දීය. එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
අල්ලස් කොමිසම විසින් 2021 වසරේදීද කොළඹ මහාධිකරණය හමුවේ යළි මෙම අපරාධය පිළිබඳව නඩු පවරා තිබුණි. ඔහුව අද (19) අත් අඩංගුවට ගන්නේ එම චෝදනාව මතය
මින් පෙරද වරක් මිලාන් ජයතිලක අත් අඩංගුවට පත් වූයේය. ඒ 2022 වසරේදී ගාලුමුවදොර පිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.







