නාරාහේන්පිට දාබරේ මාවතේ දී තුසිත හල්ලොලුවට වෙඩි තබා ලිපි ගොනුවක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන පොලිස්පති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙක් අහසට වෙඩි තබා ඇති බවය. අනතුරුව අහසට වෙඩි තැබූ පුද්ගලයා තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට ද වෙඩි තබා තිබේ. අනතුරුව හල්ලොලුව සතුව තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගොස් ඇත.
මෙසේ පැහැරගෙන ගොස් ඇති ලිපි ගොනුව කුමක්දැයි මේ වනවිට විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.
මේ දිනවල තුසිත හල්ලොලුව සමාජ අවධානයට ලක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්කම් සම්බන්ධව සිදුකළ ප්රකාශයක් සමගය. ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අතර පැය 07ක ප්රකාශයක් ද ලබා ගැනුණි.







