විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පත් කර තිබේ.
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය නිවාඩු ලබාගෙන විදේශගත වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇත.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ ආචාර්ය තිලක් සියඹලාපියට සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවය. පිරිවැය පිළිබිඹු කරන ගාස්තු සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියේ සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇති බවත් කියැවිනි.
එහෙත් පසුව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වී නැති බවත්, විදෙස්ගත වීම සඳහා නිවාඩු ලබා ගැනීමේ ලිපියක් බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවත්ය.







