මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව සිරිපුර කෝටිපති ව්‍යාපාරිකයාට වසර ගණනාවක් පොහොර වංචාව සිදුකරගෙන යෑමට පසුගිය කාලයේ පැවැති රජයන් මෙන්ම කෘෂිකර්ම ඇමැතිවරුන් සහ උසස් නිලධාරින් සෘජු වශයෙන් උදව් උපකාර ලබාදී ඇතැයි නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ප්‍රකාශ කරයි.
මෙම ජාවාරම්කරුවා වසර ගණනාවක් සිදුකරගෙන ගිය මහා පරිමාණ පොහොර ජාවාරම සම්බන්ධයෙන් සෑම අදාළ වගකිවයුතු ආයතනයක්ම මැදිහත්වී විධිමත් පරීක්ෂණ කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල ආයතනවලට උපදෙස් ලබා දුන් බවත්, බාල පොහොර යොදා, වී අස්වනු අඩුවූ අසරණ වී ගොවීන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.
සිරිපුර නගරයේ බාල පොහොර, ප්‍රමිතියෙන් යුත් බවට කූට ලෙස සකස් කර ව්‍යාජ ලේබල් අලවා වෙළඳ නියෝජිතයින්ට සහ ගොවීන්ට ලබාදීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කීවේය.
වසර ගණනාවක්ම මෙම ජාවාරම නිරතවූ කෝටිපති ජාවාරම්කරුවා පොලිසියට ද මෙල්ල නොවී මෙම මහා පරිමාණ ජාවාරම් වංචාව සිදුකරගෙන ගොස් ඇති බව කී නියෝජ්‍ය ඇමතිවරයා මේ පිළිබඳ රාජ්‍ය ආයතන තම තමන්ගේ වගකීම් ඉටුකර කළ යුතු බව පැවසුවේය.
2023 න් පසුව ආදායම් බලපත්‍ර ලබා නොගෙන ඔහුගේ ගෙවත්තේ දිරාපත්වීමට හැර තිබෙන අධික වටිනාකමකින් යුත් වාහන සම්බන්ධව ද සැකයක් මතුවන බව ඔහු කීවේය.







