ඉන්දියාව සහ පකිස්ථානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇත.
මෙය ප්‍රථම වරට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ සමාජ වේදිකාවේ නිවේදනය කරන ලදී.
ට්‍රම්ප් සම්පූර්ණයෙන් ලියා ඇති දේ මෙසේය.
“එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පකිස්ථානය පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව නිවේදනය කිරීමට මම සතුටු වෙමි. විශිෂ්ට බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධයෙන් දෙරටටම සුබ පැතුම්. මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි!”
පකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් විසින් ඔහුගේ X ගිණුමෙන් මෙම පුවත තහවුරු කරන ලදී.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.








