මනම්පිටිය නිමල් ජයරත්න –
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු කෙළිමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු දහතුන් දෙනෙකු, ඔවුන් පැමිණි බව කියන යතුරු පැදි 08 ක්, ත්රිරෝද රියක්, වෑන් රථයක් සමග ඊයේ ( 09) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
සැකකරුවන් හිඟුරක්ගොඩ,වැලිකන්ද, මඟුල්පොකුණ, ගිරිතලේ, මින්නේරිය, ඇතුගල, අරලගන්විල, යන ප්රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.
අනුන්ගේ යතුරු පැදිවල පැමිණ ඔවුන් දීගු කලක සිට මුදලට සූදුකෙළ ඇති බව,පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
සූදු කෙළිමින් සිටි තවත් පිරිසක් පලගොස් ඇති බවද පොලිසිය පවසයි.
සිවිල් ආරක්ෂක භටයා සමග අත්අඩංගුවට ගත් සෙසු පිරිස දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් සූදු කෙළි පිරිසක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔවුන් මේ මස 15 වෙනිදා පොළොන්නරුව මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත්වීමට කටයුතු කරන බවත් මනම්පිටිය පොලිසිය කියයි.







