IPL 2025 අත්හිටුවීමට ඉන්දියා තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා යුධ තත්ත්වය හමුවේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධ විධිමත් නිවේදනයක් ඉක්මනින් අපේක්ෂා කරන බව ලෝක ප්‍රකට espncriinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
IPL පළමු ඉනිමේ මැද භාගයේදී පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අත්හැර දැමීමට තීරණය කිරීමෙන් පසුව මෙම වර්ධනය සිදුවිය.
ධර්මශාලා ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශවල ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ, පන්ජාබ් කිංස් සහ දිල්ලි කැපිටල්ස්හි ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සිකුරාදා උදෑසන IPL විසින් සංවිධානය කරන ලද විශේෂ දුම්රියකින් දිල්ලියට ගමන් කළහ.
IPL 2025 දැනට ධර්මශාලාවේ අතහැර දැමීම ඇතුළුව තරඟ 58 ක් ක්‍රීඩා කර තිබේ. කණ්ඩායම් අදියරේදී ක්‍රීඩා කිරීමට තවත් ඉතිරිව ඇති තරඟ 12 කි. ලක්නව්හි තරග දෙකක්,, හයිද්‍රාබාද්, අහමදාබාද් හි තරග 3ක්, දිල්ලි, චෙන්නායි, බැංගලෝර්හි තරග 2ක්, මුම්බායි, ජායිපූර් සහ පසුව අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරග හයිද්‍රාබාද් සහ කොල්කටා යන නගරවල පැවැත්වීමට නියමිතව තිබිණි. .







