ජනතාව විශ්වාස කර ඇත්තේ මාලිමාව පිළිබඳව බවත්, මාලිමාව පක්ෂයක් ලෙස බහුතර සභිකයින් දිනා ගත් සෑම පළාත් පාලන ආයතනයකම අනිවාර්යයෙන්ම සභාව පිහිටුවා රටේ දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති දිගටම කරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින සිල්වා අද (07) ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයක් ජයග්‍රහණය කර, ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කර සිටි මාලිමාවට විපක්ෂයේ සාහසික බොරු සහ අවලාදත නොතකා ජනතාව ලබා දුන් මේ ජයග්‍රහණය ඉතාම වැදගත් එකක් බව ද ලේකම්වරයා පැවසුවේය.
ඔහු අවධාරණය කළේ කණ්ඩායමක් ලෙස බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටිය දී ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කුඩා කණ්ඩායම් බලය පිහිටුවීමේ අරමුණින්ම එකතු වී තමන් ජයග්‍රහණය කළා යැයි කීම දේශපාලනික නොවන බවත් ඒ තත්ත්වය මේ මැතිවරණ ක්රමයේ ඇති අඩු පාඩුවක් බව දැනගෙන බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට මහ මැතිවරණය හා සන්සන්දනය කරමින් මාලිමාවේ ප්‍රතිඵලයට මඩ ප්‍රහාර එල්ලවන බවය. ප්‍රාදේශීය සභා මැතිවරණයක් සංසන්දනය කළ යුත්තේ සමාන මැතිවරණයකට බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රාදේශීය සභා මැතිවරණයක් යනු අති විශේෂ ආකාරයෙන් ජනතා කැමැත්ත හැසිරෙන අවස්ථාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා පක්ෂයක් ලෙස කණ්ඩායමක් ලෙස 2019 පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් 2025 ප්‍රාදේශීය සබා මැතිවරණයේ දී අත් පත් කරගෙන සිටින බව පෙන්වාදුන්නේය.
” අපි දන්නවා අපි ඉස්සරහා අභියෝගයක් තියනවා. අපි රටේ වෙනසක් කරන්න පටන් ගත්තා. දේශපාලන සංසෘතිය ගමටත් ගේන්න ඕන. අපි වංචා දූෂණ නැති ආණ්ඩුවක් බිහි කළා. රටක් ලෙස සිදුකළ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණයකින් තොරව පාලනය කිරීම, වංචා දූෂණ නැති සභා ගම් මට්ටමින් හදන්න. මහජන මුදල් හොරකම් නොකිරීම වැනි වටිනා වෙනස් කම් ගමට ගෙනත් ගම තුළත් එය තහවුරු කරලා රටේම දිශාව වෙනස් කරලා ඉදිරි ගමනක් යන්න මේ ජයග්‍රහණය අපට උපයෝගී වෙනවා. ජනතාව නැවත වරක් පක්ෂයක් ලෙස සංවිධානයක් ලෙස වෙන කිසිවෙක් කෙරෙහි විශ්වාසය තියන්නේ නැතිව පක්ෂයක් ලෙස මාළිමාව ගැන විශ්වාස කරලා තියනවා. පක්ෂයක් ලෙස මාලිමාව අනුමත කරලා තියනවා. ඒ නිසා අපට ඉදිරියට යා හැකිව තියනවා. ටිල්වින් සිල්වා පැවසුවේය.







