කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟවී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇතැයි වාර්තා වේ.
අධිකරණය මගහැරීම හේතුවෙන් ප්‍රසන්න රණවීර අත් අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ප්‍රසන්න රණවීර විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම පසුගිය 28 වැනිදා අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.







