පළාත් පාලන මැතිවරණ රාජකාරි සඳහා මහනුවර ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයට වාර්තා කර සිටි නිලධාරිණියක හදිසියේ මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනියකවන ක්‍රිෂාන්ති කුමාරි දසනායක (33) නැමැති ගලගෙදර මිනිගමුවේ පදිංචි රාජ්‍ය සේවිකාවකි.
අද සවස හදිසියේ රෝගාතුරු වූ ඇය ප්‍රතිකාර සඳහා අද පස්වරු 5ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී ඇය රෝගය උත්සන්න වී මිය ගිය බවත්, මරණයට හේතුව ස්ථිර ලෙස ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවත් පොලිසිය පවසයි







