අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී 19 හැවිරිදි තරුණයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරුපැදියකින් පැමිණෙන ඝාතකයින් තරුණයාට වෙඩි තබා පලා යන අන්දම සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත. මුලින් තැබු වෙඩි පහර වැරදී ජීවිතය බේරා ගැනීම සඳහා තරුණයා පලා යන අවස්ථාවේ දී වෙඩික්කරු යතුරුපැදියෙන් බැස ඔහු ලුහු බඳිමින් වෙඩි
තබන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත. මේ ඒ දර්ශන පෙළයි.
මෙම තරුණයා නගර සභා සේවකයෙකු වන අතර, ඔහු වෙරළ පාරට හැරෙන මංසන්ධියේ අතුරු මාර්ගයක් අතු ගාමින් සිටියදී ඝාතකයින් දෙදෙනා ඔහුට වෙඩි තැබූවේය. වෙඩි පහර කාගෙන ප්‍රධාන මාර්ගය දෙසට දිවයන තරුණයා ලුහු බැඳ යන ඝාතකයින් ඔහුට ප්‍රධාන මාර්ගයේ දී වෙඩි තබා ඝාතනය කරන ආකාරය තවත් CCTV කැමරාවක සටහන්ව තිබුණි. දෙරණ රූපවාහිනය එය වාර්තා කර තිබුණේ මේසේය.
ඔහුගේ මව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනා මත මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර, මියගිය තරුණයා 2023 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බව වාර්තා වේ.







