සූරියවැව නුවන් ජයසේකර –
නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී හෙරොයින් ජාවාරමේ නිරත වූ යුද හමුදා සෙබළෙකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ ( 30 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන බෙලිඅත්ත, නිහිලුව ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.
සැකකාර හමුදා සෙබලා පසුගිය 28 දින නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙලෙස හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකාර සෙබළා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්රෑම් 100ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිසියට භාරදී ඇති අතර ඔහු තංගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







