සූරියවැව නුවන් ජයසේකර –
ලුණුගම්වෙහෙර පොලිස් වසමේ අක්කරකාල්ගොඩ ප්රදේශයේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවකු වාහනයකට හප්පා අනතුරට පත්කර පසුව ඔහුට පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ඊයේ (30) රාත්රී අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර අක්කරකාල්ගොඩ ප්රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ අංක 23,රණවිරු නිවාස, සාම මාවත, ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචි විලියම් ලෙස්ලි සිල්වා නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.
මරණයට පත් වූ පුද්ගලයා 30 දින සවස ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී පසු පසින් පැමිණ ඇති සැකකාර පුද්ගලයා සිය බොලරෝ වර්ගයේ කැබ් රථයෙන් යතුරු පැදී කරුවා හප්පා ටික දුරක් රැගෙන ගොස් බිම වැටුණුපසු කැබ් රථයේ තිබූ පොරවක් රැගෙන විත් බිම වැටී සිටි යතුරුපැදිකරුට පහරදී එම ස්ථානයේදීම ඝාතනය කර පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශවාසීන් විසින් ලුණුගම්වෙහෙර පොලිසියට දැනුවත් කිරීමෙන් පසු පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී පහරදීම සිදු කළ සැකකරු මුල් අවස්ථාවේදීම හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර පුද්ගලයා හා බොලරෝවර්ගේ ජීප් රථය සහ පහරදීම සිදු කළ පොරවද අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඝාතනය කිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මරණකරු ප්රදේශයේ විහාරස්ථානයක ආවතේවකරුවෙක් ලෙස කටයුතු කර ඇති සාමකාමී පුද්ගලයක බවද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිස්ස මහාරාම මහේස්ත්රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබේ. තිස්සමහාරාම මහේස්ත්රාත්වරයා එම ස්ථානයට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබේ. සිද්ධිය සම්බන්ධ වැඩි දුර විමර්ශන ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සිදුකරයි.







