හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ ඇත.
අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා මේ ගමන එන්නේ අවස්ථා දෙකක දී පැමිණීම මගහැරීමෙන් අනතුරුව නොපැමිණියහොත් නීති මගින් ක්‍රියාත්මකවන බව දැනුම් දීමෙන් පසුය.
ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකර ගැනීම සඳහාය.







