බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර සහනාධාරය නෑ… අපි අසරණයි… ගොවීන් කියද්දී මෙවර ඇත්තේ පොහොර සහන නොව වගා සහනාධාරයක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි!

by editor
අප්‍රේල් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • සී සෑමෙන් පසු අක්කර දෙක හමාරකට රුපියල් 25000ක සහනාධාරයක්… සහනාධාරය ලැබෙන්නේ මඩ පොහොර යොදා සී සෑමෙන් පසුයි…

මෙවර යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළද මෙතෙක් රජයෙන් ලබාදෙන මඩ පොහොර සහනාධාරය ලැබි නැතැයි පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගොවීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය තුළ තමන් බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටින බවය.

මහවැලි බී කලාපයේ යල කන්නයේ වී වගා කටයුතු සඳහා මාදුරුඔය ජලය ඉකුත් මාර්තුවේ දී ලබා දී තිබිණි. ඒ මොහොතේ සිට ගොවීන් වී වගා කටයුතුවලට සූදානම් වුවද වැපිරීමට මඩට යොදන මඩ පොහොර මෙතෙක් ලැබී නැත. මේ තත්ත්වය තුළ අසරණ වී සිටින ගොවි පවුල් ප්‍රමාණය විසි දෙදහසකට වැඩිය.

අප මේ පිළිබඳව මහවැලි බි කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප‍ලේකම් හේරත් අඹන්පොළගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ හෙක්ටයාර් 25,000 ක් භූමි ප්‍රමාණයක වී වගා කරන බවත්, ඉන් හෙක්ටයාර 15,000 ක පමණ වී වගා කර අවසන් බවත්ය.

මෙතෙක් කිසිදු ගොවියකුට මඩ පොහොර සහනාධාරය ලැබී නොමැති බවත්, සාමාන්‍ය වෙළෙඳපොලේ මඩ පොහොර මිටියක් රුපියල් එකොලොස්දාහක පමණ මිලක් පවතින නිසා මඩ පොහොර මිටි දෙකහමාරක් ලබාගැනීමට රජය මඟින් ලබාදෙන පොහොර සහනාධාර මුදල ප්‍රමාණවත් නොවන බවත් හේරත් අඹන්පොළ සඳහන් කළේය.

රජය මඟින් ලබාදෙන පොහොර සනාධාරය මෙතෙක් නොලැබීම ප්‍රබල ගැටලුවක් වී ඇති බවත්, දින ගණනාවක් ගිය පසු මඩ පොහොර සහනාධාරය ලැබීම පලක් නොවන බවත් හේරත් අඹන්පොළ පෙන්වා දුන්නේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මහවැලි බී කලාපයේ සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ පැවසුවේ මේ වන විට මහවැලි බී කලාපයේ යළ කන්නයේ කුඹුරු වගා කිරීම් කටයුතු ආරම්භ කර දින දහයක් පමණ ගතව ඇතත් මඩ පොහොර සහනාධාරය නොලැබීම නිසා අසරණ වී සිටින ගොවීන් ගැනය.

අප මේ පිළිබඳව පොළොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අරුණ නිරෝෂන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පොහොර සහනාධාරය සඳහා ගොවියාගේ නම ඇතුළත් කරන්නේ සීසෑම ආරම්භ කිරීමෙන් පසු බවය.

මෙවර පොහොර සනාධාරය නොව, ලබාදෙන්නේ වගා සහනාධාරයක් බවත්,අක්කර දෙකහමාරක භූමී ප්‍රමාණයකට රුපියල් 25,000 ක මුදලක් රජය මගින් ලබාදීමට අවශ්‍ය තොරතුරු ලබාගනිමින් පවතින බවත් ඔහු කීවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිව්වන සමාලෝචනය නිමයි… IMF කාර්යමණ්ඩල එකඟතාවය අනුව ඩොලර් මිලියන 344කට ප්‍රවේශය ලැබෙයි!

Next Post

දවසකට ලක්ෂ ගණන් දළදා වැඳලා නෑ… බොරු දත්ත සිරි දළදා වන්දනාව අවුල් කළ හැටි…. !

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.