සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදුවෙන හැටි!

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර ඇත.

උන්වහන්සේගේ දේහය බදාදා (අප්‍රේල් 23) එරට වේලාවෙන් පෙරවරු 09:00 සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යන බව වතිකානය පැවසීය.

මහජන ගෞරවය සඳහා අවමංගල්‍යය තෙක් උන්වහන්සේගේ දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.

පල්ලියේ සිරිතට අනුව, අවමංගල්‍ය පූජෝත්සවය සාමාන්‍යයෙන් පාප් වහන්සේගේ මරණයෙන් පසු දින හතරක් හෝ හයක් ඇතුළත පැවැත්විය යුතු ය. අවමංගල්‍ය දිව්‍ය පූජාව සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වේ.

පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාම්ප්‍රදායිකව සංකීර්ණ කටයුතු ලෙස සලකනු ලැබුව ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වසරේදී තම අවසන් කටයුතු සරල කිරීමට පියවර ගත්හ.

සියවසකට වැඩි කාලයකට පසු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකළ පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ, උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කෙරෙනු ඇත.

සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදනු ලබන සාම්ප්‍රදායික මිනී පෙට්ටියක තැන්පත් කරන ලද උන්වහන්සේගේ පූර්වගාමීන් මෙන් නොව, උන්වහන්සේ සරල ලී පෙට්ටියක භූමදාන කරන ලෙස ද ඉල්ලා සිටියහ.

පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වන්නේ කවුද?

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය සෙනසුරාදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කිරීමටත් පෙර, ලෝක නායකයින් ගණනාවක් ඔවුන්ගේ පැමිණීම තහවුරු කළහ.

උන්වහන්සේගේ අභාවයෙන් පැය කිහිපයක් ඇතුළත, ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේ පැවසුවේ තමා එම දේව මෙහෙයට සහභාගී වන බව ය.

ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් සමග තමන් වතිකාන නගරයට යන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර තිබේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිත ය.

අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වීමට ඉඩ ඇති අතර, සිය ගණනක් කිතුණු භක්තිකයින් ද ඊට සහභාගී වනු ඇත.

මරණයට හේතුව ආඝාතයකින් පසු ඇති වූ හෘදයාබාධයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය.

88 වන වියේ පසු වූ උන්වහන්සේ වසර 12ක් රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස සේවය කර වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ.

වතිකානය සඳහන් කළේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතයකින් සහ ඉන් පසුව ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බව ය.

2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ.

උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ.

තෝලික බැතිමතුන්ගේ දින දර්ශනයේ වැදගත් ම සිදුවීමක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පෙනී සිට පැය 24කටත් අඩු කාලයකින් අනතුරුව පාප් වහන්සේ ස්වර්ගස්ථ වූහ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස උපත ලැබූහ.

සිය ජීවිතයේ අවසාන මාසවලදී, පාප් වහන්සේට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සති කිහිපයක් රෝහල්ගත කිරීමට සිදුවූහ.

පෙබරවාරි 14 වන දින, උන්වහන්සේ පෙනහලු දෙකෙහි ම ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝමයේ ජෙමෙල්ලි රෝහලට ගෙන යන ලදී.

උන්වහන්සේ දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පීඩා වින්දහ. අනතුරුව උන්වහන්සේ මාර්තු 23 වන දින රෝහලෙන් පිටව ගියහ.

වතිකානුවෙන් පිටත භූමදාන කරන ලෙස පාප් වහන්සේ ඉල්ලා සිටිති

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ “විශේෂ සැරසිලි නොමැතිව” භූමදාන කිරීමට කැමති බව වතිකානුව නිකුත් කරනු ලැබ ඇති උන් වහන්සේගේ අවසාන කැමැත්තේ සඳහන් කර ඇත.

පෙර සිටි පාප්වරුන් බොහෝ දෙනෙකු දේහයන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ මිහිදන් කර ඇත.

එමෙන් ම තම දේහය මිහිදන් කරන ස්ථානයේ තම නාමය ලතින් භාෂාවෙන් ‘Franciscus’ ලෙස සටහන් කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.

1669න් පසු එහි මිහිදන් කෙරෙන පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇත.

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙය ඉතාලි අගනුවර ප්‍රධාන පාප්තුමාගේ බැසිලිකා හතරෙන් එකක් වන අතර, එය 2013දී තේරී පත් වූ දා සිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉතිහාසයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු වතිකානය පාලනය කරන්නේ කවුද?

සඳුදා (අප්‍රේල් 21) උදෑසන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය ගැන ලෝකය දැනගත් විට, එම පුවත ප්‍රකාශ කළේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග දිගුකාලීන සබඳතා ඇති කාදිනල්වරයෙකු ය.

අද (අප්‍රේල් 22) උදෑසන, අයර්ලන්ත-ඇමෙරිකානු සම්භවයක් ඇති කෙවින් ෆැරල් කාදිනල් හිමි සිය භාරදූර වගකීම්වලින් එකක් වන ‘කැමර්ලින්ගෝ’ එනම්, පාප්වරයෙකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු වතිකානය පවත්වාගෙන වගකීම භාර ගත්තේ ය.

2019දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම කාදිනල්වරයා එම තනතුර සඳහා නම් කරන ලද අතර, ෆැරල් හිමි “Apostolica Sedes Vacans” අතරතුර, එනම් පාප්වරයෙකුගේ මරණය හෝ ඉල්ලා අස්වීම අතර ඊළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම දක්වා කාලය තුළ මෙම තනතුර දරනු ඇත.

1947දී ඩබ්ලින්හි උපත ලැබූ ෆැරල් හිමි, වතිකානයට අනුව, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලයෙන් සහ රෝමයේ පොන්ටිෆිකල් ග්‍රෙගෝරියන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

77 හැවිරිදි ඔහු එක්සත් ජනපදයේ දේවස්ථාන වෙනුවෙන් වසර 30කට වැඩි කාලයක් සේවය කළේ ය. 2007දී ෆැරල් හිමි ඩලස්හි බිෂොප්වරයා ලෙස පත් කරන ලද අතර, 2016දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගෙන් පවුල්වල දේවගැති රැකවරණය සඳහා වගකිව යුතු වතිකානුවේ නව දෙපාර්තමේන්තුවේ නායකයා ලෙස සේවය කරන ලෙස ඉල්ලා සිටි අතර, උන්වහන්සේව කාදිනල් තනතුරට උසස් කළේ ය.

කැමර්ලෙන්ගෝ ලෙස, ඊළඟ පාප්තුමා තීරණය කරන රහස් සභාව සඳහා කටයුතු සම්පාදනය කිරීමේ සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සහතික කිරීමේ වගකීම ෆැරල්ට හිමිට පැවරෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරි දළදා වැඳ ක්ලින්ක් කාර්ඩ් ඇතුළු ලියවිලි සහිත ගමන්මළු මහ මග අත්හැර හිස් අතින් ගෙදර යන මිනිස්සු…

Next Post

ඩෑන් ප්‍රියසාද් මියයයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.