ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට ඊයේ (16) තැබූ වෙඩි ප්රහාරය පසුපස සිටින්නේ ඝාතනය වූ පාතාල නායක ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.
වෙඩි ප්රහාරය එල්ල වී තිබුණේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචිඅම්මාගේ පුත්රයා වෙතය. ඔහු කිසිම අපරාධ චෝදනාවක් නැති පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
වෙඩි ප්රහාරය එල්ලවන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුට හානියක් සිදුවී තිබුණේ නැත.





