පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්රාත් අධිකරණය අද (10) ඇප නියම කළේය. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදාහැර තිබිණි.
ඔහු රක්ෂිත බන්ධනාගරගත කරන්නේ 2023 වසරේ දෙසැම්බර් මස වැලිගම පැලෑන ප්රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අධිකරණයට කැඳවූ අවස්ථාවේ දි අධිකරණය මගහරිමින් දින 20ක් සැඟවී සිටීමෙන් පසු අධිකරණයට මෝසමක් මගින් භාර වීමෙන් අනතුරුවය.
මාර්තු 19 වැනිදා ඔහු අධිකරණයට භාර වන්නේය. ඒ දක්වා අධිකරණයෙන් සැඟවී සිටි දේශබන්දු දුටු තැන අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් ඉදිරිපත් කර තිබිණි.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ඔහු අධිකරණයට ඉදිරිපත්කරනු ලැබුවේය. දේශබන්දු අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.







