දිනසේන රතුගමගේ –
වසර 35 කට පසුව යාපනයේ පලාලි ප්රධාන මාර්ගය අද දින ( 10 ) සිට මහජනතාවට විවෘත කොට තිබේ.
වාසවිලාන් ටී හන්දියේ සිට කිලෝ මීටර් 2.5 ක් පමණ වූ දුර ප්රමාණය මේදක්වාම වසා දමා තිබුණේ අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කිරීමත් සමගය.

මෙම මාර්ගයේ පිහිටුවා තිබූ මාර්ග බාධක රැසක් ඉවත් කොට උදෑසන 6 සිට සවස 5 දක්වා වූ කාලය තුළ ජනතාවට අපහසුවකින් තොරව එම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මේ මාර්ගය ඡායාරූපගත කිරීම වීඩියෝ කිරීම වාහන නවතා තැබීම අධික වේගයෙන් ගමන් කිරීම තහනම් කොට තිබේ.







