ශිරන්ති රාජපක්ෂ විසින් මානෙල්වත් නාගනන්ද බෞද්ධ විහාරයට තමන් විසින්ම සන්නස් පත්‍රයකින් පූජා කළ බව ප්‍රකාශිත ඉඩම් ඉඩම් කැබලි ප්‍රමාණයක් එම ප්‍රදානයෙන් වසර 11කට පසු දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නැවතත් විකිණීම සම්බන්ධව ආන්දෝලනනයට ලක් වූ ප්‍රශ්නයට අදාල ලේඛණ සමූහයක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අද (09)පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
මින් පෙර මෙම ඉඩමට අදාල පත් ඉරු ප්‍රමාණයක් ද ඔහු විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයක් අරඹා ඇති බවත්, අදාල සියලුම තොරතුරු විමර්ශන අංශ වෙත ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු අද පාර්ලිමේන්තුවේ දී මෙසේ ද කීවේය.
පහුගිය දිනවලදිත් මගේ නම සඳහන් කරමින් ඉඩමක් සම්බන්ධයෙන් කරුණක් මතු කළා. ඒ වගේම මාධ්‍යවලත් මේ සම්බන්ධයෙන් මට විවිධ චෝදනා කළා.
මා මීට කලින් දවසකත් මේ ඉඩමේ පත්ඉරු සභාගත කරමින් මේ ඉඩමේ අයිතිය පිළිබඳව කරුණු දැක්වුවා. ඇත්තටම ඒ ඉඩම ඉතාම පැහැදිලිව එක ඉඩම් ප්‍රමාණයක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නමටත් ඉතිරි සියලුම ඉඩම් කොටස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමත් තමයි මේ ඉඩම් කොටස් පත්ඉරුවල සටහන් වෙලා තියෙන්නේ.
ඉන් අනතුරුව 2023 ඔක්තොම්බර් මාසේ 10 වැනිදා මෙම ඉඩම් කොටස් සියල්ල දෙහිවල එස්. ද එස්. ජයසිංහ මාවතේ පදිංචි සමරරත්න කොඩිකාර කියන මහත්මයෙකුට නැවත ලියලා දීලා තියනවා විවිධ මිල ගණන්වලට.
දැන් මේ ඉඩමේ පසුගිය දිනවල මා වෙත ලැබුණා මේ ඉඩමේ සන්නස් පත්‍රය. සන්නස් පත්‍ර 08ක් තියනවා මෙතෙන. ශ්‍රී ලංකාද්වීපයේ දක්ෂිණ පලාතේ තංගල්ල මාතර පාර කාල්ටන් නිවසේ පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය විසින්.. (ආදී වශයෙන්)…. ශ්‍රි ලංකා බස්නාහිර පළාතේ කැලණිය පුරවරයේ මානෙල්වත්තේ පිහිටි ශ්‍රී නාගනන්ද ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථාන ආයතනයට 2012 පෙබරවාරි මස 05වන දින කොළඹ දී අත්සන් තබා ප්රදානය කරන ලද වගයි…” කියලා.
මම මේ සියලුම සන්නස් පත්‍ර මේ මොහොතේ සභාගත කරනවා. මොකද එකක් මෙතන එක්කො මේ මානෙල්වත්ත නාගනන්ද බෞද්ධ මධ්‍යස්ථානය සතු ඉඩම් ටික ශිරන්ති රාජපක්ෂ 2023 ඔක්තොම්බර් මාසේ 10 වැනිදා එක්කො වංචාසහගත ලෙස විකුණලා තියනවා. එහෙම නැතිනම් මේ සන්නස් පත්‍ර කියලා කියන්නේ සම්පූර්ණ වංචාවක් කරලා තියනවා. මේ ස්වාමීන්වහන්සේලාත් නොමග යවලා තියනවා.
ඒ වගේම තමයි මා සතුව තිබෙනවා 2023.07.12 වැනිදා රුපියල් 23,000ක ලයිට් බිලක් ගෙවලා තියනවා ස්වාමීන්වහන්සේ නමක් විසින් මිහිඳු අරණ, මහින්දාරාමය, ඉහළ යාගොඩ, ඉඹුල්ගොඩ කියන ලිපිනය සහිතව විදුලි බිල් ගෙවලා තියනවා.
විදුලි බිල් ස්වාමීන්වහන්සේලා ගෙවලා තියනවා. ඒ අතර 2023 ඔක්තොම්බර් මාසයේ 10 වැනිදා මේක විකුණලා තියනවා සරමරත්න කොඩිකාර කියලා මහත්මයෙකුට. මේ අතරෙ දැවැන්ත වංචාවක් තියනවා.
ඊයේ ඉතාම වැදගත් පනතක් සම්මත වුනා. ඒ පනත හරහා මෙවැනි අනීතික කටයුතුවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුලුවන්. මම මේ වනවිටත් සීඅයිඩී විමර්ශනයක් වෙනවා. මේ සියලු ලියකියැවිලි සීඅයිඩී එකට භාර දෙන්න මා සූදානම්.







