බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ සිට පැමිණි චාමර සම්පත් පාර්ලිමේන්තුවේ දී කළ කතාව…

by editor
අප්‍රේල් 8, 2025
in පුවත්
Chamara
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනතට ඡන්දය දෙන්න අද පැමිණියේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටය. රාජ්‍ය මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මන්ත්‍රි චාමර සම්පත් දසානායක අද පාර්ලිමේන්තුවට ඇවිත් කීවේ තමන් පැමිණියේ මේ පනතට ඡන්දය ලබා දෙන්නට බවය.

චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ කීවේය.

අද මේ පාර්ලිමේන්තුවේ මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තව දුරටත් ඉන්න කෙනෙක් ලෙස පාර්ලිමේන්තුවට ඇවිත් මෙම පනතට කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

හරියට කියනවා නම් මේක අනුන්ගේ කලිසම අගේට ඇඳගෙන මගේ වගේ යනවා වගේ පනතක් මේක. මොකද මේ පනත කෙටුම්පත් කළේ කවුද, කවදද, කවුරුද? නීපතිට යැව්වේ කවුද කවදද කවුරුද, .. කැබිනට් අනුමැතිය ගත්තේ කවද ද?. කවුරුද?.

මේ පනත මේ තරම් හදිස්සි කළේ ඇයි. පනත දාන්නමේ තරම් උවමනාව ඇයි. පනත දාන්න උවමනාව අයි.එම්.එෆ් එකේ උනන්දු කළේ නැතිනම් මේ පනත එන්නේ නෑ. මේ පනත ගිය ආණ්ඩුවත් දාන්න ගියේ අයිඑම්එෆ් එකේ උවමනාවට තමයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

හොඳම එක අල්ලස් දූෂණ පනත. මම අර පැත්තේ ඉඳන් පළවෙනියට ඡන්දය දුන්නේ. මට තමයි අල්ලස් දූෂණ පනතේ පළවෙනියට නඩු තුනක් කඩලා දාලා තියන්නේ මට. ලස්සනට දාලා තියනවා. 2016 පැමිණිල්ල. 2019 කටඋත්තරය. 2019 මම ගිහිල්ලා කටඋත්තරයට ගිහින් මේකෙ නඩුවක් නෑනෙ සර් යන්නඩ කිව්වා.

2025 මට එන්න කිව්වා. 27 වැනිදා ගියා. පොලිස්පති රටේ හැංගුනා. මැති ඇමතිවරු හැංගිලා ඉන්නවා. මම කට උත්තර දෙනකොට 11 යනවා මැසේජ් එක චාමර සම්පත් අත් අඩංගුවට කියලා. මම දන්නෙත් නෑ. මම කට උත්තර දෙනකොට මැසේජ් එක එළියට යනවා මූලාසනයේ මන්ත්‍රී තුමනි චාමර සම්පත් අත් අඩංගුවට කියලා.

මේවා මාර කතාන්දරනේ. එහෙම කරලා එක නඩුව තුනට කඩලා දැම්මා. කමක් නෑ. ඊට පස්සේ… ඒ නඩු දෙකේ ඇප දුන්නට පස්සේ ඒ නඩුවේ චෙක් එක් අරන් ගිහින් ඇමති තුමා ගිහින් දානවා… 27 මම බන්ධනාගාරගත කළේ. 30 වැනිදා දානවා පැමිණිල්ලක්. ඒ චෙක් එක අරන් ගිහින් ඔය සීඅයිඩී එකේ. දාලා 30 දාපු නඩුව 01 වැනිදා ගිහිල්ලා බී රිපෝට් එක ඉදිරිපත් කරනවා බදුල්ල උසාවියට. මේ විදිහට වැඩ කරනවා නම් මොනවා කරන්න බැරිද?… නඩු හාර දාහ පන්දාහ ගොඩගැහිලා තියන වෙලාවේ… චාමර සම්පත් විදිහට නඩු දාන විදිහට දැම්මා නම් මොනවා රකන්න බැරිද?. 30 නඩුව දාලා 01 වැනිදා මෝෂන් එකක් දානවා. ඊයේ බදුල්ලේ රිමාන්ඩ් කරලා අද මෙතනින් ඇප හම්බවුනා. මරු… මම කියන්නේ මේ විදිහටම කරන්න. චාමර සම්පත්ට කරන විදිහටම මෝසම දාලා කරන්ඩ. මේක තමයි මේ ඇක්ට් එක.

අපි බ්‍රයිබරි එකට නෙමෙයි එහා පැත්තේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ගෙනාපු හැම පනතකටම අපිට කෙලවුනත් කමක් නෑ. ඇක්ට් වැඩිපුරම සම්මත කළේ ඔය පැත්තේ ඉඳන් අපි. මේ පනතටත් කවුරු ඡන්දය දුන්නේ නැති වුනත් චාමර සම්පත් හිර ගෙදර ඉඳන් ආවේ මේ පනතට ඡන්දය දෙන්න. මේ පනතට ඡන්දය දෙන්න. මේ පනතට ඡන්දය දෙන්න. අයථා විදිහට හම්බ කරලා තියනවා නම් නීතිය කරන්න. හැබැයි මේ චාමර සම්පත්ට කරපු විදිහට අනෙක් මිනිස්සුන්ට කරන්න එපා. ක්‍රමයට කරන්න. පලි ගන්න එපා. මේ ආණ්ඩුව තිබුණා කියලා ඔය ගොල්ල විපක්ෂයට ගියා කියලා… ඒකට ක්‍රමයක් තියා ගන්න. ක්‍රමයට කරන්න එපා. දේශපාලන පලිගැනීම් කරන එක කරන්න එපා.

දේශපාලකයින්ටත් නීතිය පොදුයි. අපි පනත් සම්මත කළා කියලා රටට එක නීතියක් මේ 225ට එක නීතියක් කියලා මේ රටේ නෑ. නීතිය කාටත් පොදුයි. ඒක කරන්න ඕන පලිගැනීමේ චේතනාවක් නැතිව. මේ එහා පැත්තේ ඉන්නවා එක ඇමති කෙනෙක්. ගල්කිස්සේ දෙමහල් ගොඩනැගිල්ලක් බලනේ පවර ගත්ත ඇමති කෙනෙක් ඉන්නවා මේ ඉස්සරහ පේළියේ. දැනටත් සී.අයි.ඩී එකේ ඒ පැමිණිල්ල තියනවා. ගල්කිස්ස දෙමහල් ගොඩනැගිල්ලක් බලෙන් පවරා ගැනීම ගැන. අද වෙනතුරු සීඅයිඩී එක කටයුතු කළේ නෑ. ගල්කිස්ස උසාවියට ගිහිල්ලා නෑ.

තව ඇමති කෙනෙක් ඉන්නවා. පොහොර සංස්ථාවේ ඉද්දි රුපියල් මිලියන 70ක වංචාවක් කරලා වැඩ තහනම් වෙච්චි ඇමති කෙනෙක්. අද වනතුරු කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නෑ.

මට මොකක්ද තියෙන්නේ. මම බදුල්ල ලංකා බැංකුවේ ළමා කැකුළු කැට බෙදන එකෙන් රුපියල් ලක්ෂ 10ක් දුන්නා කියලා. ඒ ලක්ෂ 10 ප්‍රධාන ඇමතිවරයාගේ නිල ගිනුමට දැම්මා කියලා මට නඩු දාලා. යකෝ සුදු බණ්ඩා කියලා ලියන්න ද මම ප්‍රධාන ඇමති ප්‍රධාන ඇමති කියලා කියන්නේ නැතිව. ප්‍රධාන ඇමතිගේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහන්නේ නැතිව මම මොකාගේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහලා ඉල්ලන්න ද?.

මොන දේ ආවත් හරියට කරන්න. අධිකරණ ඇමති තුමා මම හිර ගෙදර ඉන්න හින්දා හිර ගෙදර ගැන වචනයක් කියන්න ඕන. 2600ක් ඉන්නවා සීආර්.පී එකේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. තියන්න පුලුවන් 400යි. අහුරනවා රෑට. මේවා ගැන බලන්නඩ. මේකට එකම හේතුව මොකක් ද? සීයට 90ක් ඉන්නේ කුඩු. කුඩුවලට හෙතුව මොකක්ද. පොලිසිය 5.2ක් ඒ කාලේ දානවා. දැන් දානවා 10.2. හැම තරාදියක්ම පොලීසිවල 10.2. ඇයි 10.2ට දාන්නේ. 10.2ට දැම්මට පස්සේ ඇප නෑ.

අද විජේදාස රාජපක්ෂ දැම්ම පනත නිසා ඇප දෙන්න බෑ. එක මනුස්සයෙක් ඉන්නවා කුඩු වලට. මෛත්‍රීපාල ජනාධිපති වෙනකොටත් ඒ මිනිහා ඇතුලේ. ගෝඨාභය ජනාධිපති වෙනකොටත් ඇතුළෙ. රනිල් ජනාධිපති වෙනකොටත් ඇතුළෙ. අනුර කුමාර ජනාධිපති වෙනකොටත් ඇතුළෙ. අවුරුදු 07ක්. සී.ආර්.පී මම හෙටත් අන්ද්දත් ඉන්නවා. ඔබතුමා හෙට එන්න… මම පෙන්වන්නම් මාව බදුල්ලට ගෙනියන්නේ අනිද්දයින් පස්සේ. ඔබතුමාට කියන්නේ… කුඩු නවත්වන්න බෑ මෙහෙම. තරුණයො ඉන්නවා දෙදාහක් සීආර්පී එකේ විතරක්.

පෙරේදා මම බදුල්ල බන්ධනාගාරයෙ. චේන් එක දානවා. මහියංගනයට විතරක් කුඩු 54ක් චේන් එකට. 70ක් කුඩු වැරදි වලට මයියංගන උසාවියට. මයියංගනේ 54 දෙනෙක් කුඩු ඉන්නකොට කවුද කුඹුරු කොටන්නේ. කවුද ගොවිතැන් කරන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. මේ මිනිස්සු පුනරුත්ථාපනය කරලා යවන රජයකට යවන්න.

පොලිස් ඇමති පොලිසියෙ පඩි වැඩි කරන්න ට්‍රයි කරනවා වගේ බන්ධනාගාරයෙත් පඩි වැඩි කරන්න මහන්සි වෙන්න. පවු. අද නිලධාරීන් හිඟයි. වැඩ කරන්නේ ඔක්කොම රැඳවියො. මම එක අතකට සතුටු වෙනවා. මම ඇතුළට ගිය එක හොඳයි. ඇතුළෙ හිටිය තත්ත්වය ඇතුළට කියන්න කවුරුත් නැති නිසා.

ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට විනාඩි හයක කාලයක් දුන්න නිසා. මාව මේවයින් සලන්න බෑ. මේවයින් වට්ටන්න බෑ. 89 මේ ඉන්න මේ ලාල්ගෙන් පටන් ගත්තම මේ පේළියෙම පවුලක ඒ කාලේ ඒ විදිහට භීෂණයට මුහුණ දුන්න මිනිහෙක් ලාල් මාත්. ඒ නිසා මම මේවට බය නෑ ලාල්. මාත් ඒවා හින්දා හොඳට තැපපු මිනිහෙක් ලාල්. අද පක්ෂ වෙනයි ලාල්. ඒකත් මේ වෙලාවෙ මතක් කරමින් මම නිහඬ වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කිසිම දවසක ජාතිය පාවා දෙන්නේ නෑ… ගිවිසුම් සියල්ල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි… විජිත පාර්ලිමේන්තුවට කියයි!

Next Post

දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.