ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පැනවූ තීරුබදු සමග ඇතිවන සාර්ව ආර්ථික අවදානම පිළිබඳව තක්සේරු කරමින් සිටින බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ විධායක තීරුබදු පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිෂ්ටලීනා ගියොගියේවා විසින් නිවේදනයක් නිකුත් කරමිනි.
ඇය පවසන්නේ ගෝලීය ආර්ථිකය මන්දගාමී වර්ධනයක් පවතින අවස්ථාවක පැනවූ මෙම තීරුබදු ගෝලීය ආර්ථිකයට අවදානමක් පවතින බවය. මෙමමගින් ලෝක ආර්ථිකයට පැන නැගෙන අවදානම මැඩපවත්වා ගැනීම වැදගත් බව ද ඇය ප්‍රකාශ කළාය.
මේ අනුව වෙළෙඳ ආතතිය අඩු කිරීමට ඵලදායී ලෙස කටයුතු කරන ලෙස ඇමරිකාව සහ හවුල්කාරී රටවලින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටී.








