මහනුවර ජාතික රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
ඒ අනුව සායන සැත්කම් ඇතුළු සියලු ප්‍රතිකාර ක්‍රියාත්මක නොවනු ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පැවසුවාය.
මෙම පියවර ගැනීමට හේතුවූයේ අක්ෂි ශල්‍යගාරයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟය. ඔවුන්ගේ ආශ්රිත කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධයෙන්ද පි.සී.ආර් පරීක්ෂණ සිදු කොට ඇති අතර එම ප්‍රතිඵල ඉදිරියේ දී ලැබීමට නියමිතය.
මේ වනවිට රෝහලේ උගුර කන නාසය පිළිබඳ ව අංශයද වසා දමා ඇති අතර එහි වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහලේ කාර්ය මන්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනකුම මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්ව ඇත.







