යුනියන් පෙදෙසේ පාර්ක් වීදියේ රාත්රී සමාජ ශාලාවකට යෝෂිත රාජපක්ෂ සමඟ ගොස් ගැටුමක් ඇතිකරගත් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් රාත්රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි කණ්ඩායමේ සාමාජිකයින් විසින් ඔහුට පහර දී තිබිණි.
තුවාල ලද ආරක්ෂකයා ප්රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.







