සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ප්‍රධාන පාසලක ආදි ශිෂ්‍යයෙක් නොවන පුද්ගලයෙකුගේ දරුවෙක් ආදිශිෂ්‍ය පදනමින් බඳවා ගන්න ආදි ශිෂ්‍ය සංගමය හොර සහතික දීලා…

රස පරීක්ෂක වාර්තාව පැමිණෙයි... හොර ලියුම් හදලා තිබෙන්නේ ආදි ශිෂ්‍ය සංගමයේ පරිගණකයකින්....

by editor
මාර්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක පළමු වසර සඳහා ආදි ශිෂ්‍ය පදනමින් සිසුවෙකු ඇතුළත් කිරීමට ආදි සිසුවෙකු නොවන පුද්ගලයෙකුට විද්‍යාලයේ ආදි සිසුවෙකු බව දක්වමින් ව්‍යාජ ලිපියක් එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට අයත් පරිගණකයෙන් සකස්කර මුද්‍රණය කර ලබා දී තිබෙන බව සාක්ෂි සහිතව ඊයේ (19) ඔප්පු වුනේය.

අදාළ පරිගණකය පොලිස් භාරයට ගෙන රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු ලබාදුන් වාර්තාව අනුව මේ බව තහවුරුව තිබෙන්නේ යැයි මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසුවේය.

විදුහලේ පළමු වසරට 2022 වසරේ දී සිසුවෙකු ඇතුළත් කිරීමට මෙම කූඨ ලේඛනය ඉදිරිපත් කර තිබිණි. අදාළ පාසලේ අධ්‍යාපනය ලද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙන අතර දරුවා ඇතුළත් කිරීමට ඔහු ගේ නම භාවිත කරමින් කූඨ ලේඛණය ඉදිරිපත් කර තිබුණේ එම මිය ගිය වෛද්‍යවරයාගේ සහෝදරයා විසිනි.

මෙම සහෝදරයා වෙනත් පාසලක අධ්‍යාපනය ලබා තිබෙන අතර 2023 වසරේ දී වෛද්‍යවරයා ගේ දරුවා පාසලට ඇතුළත් කිරීමට සිටි බැවින් ඔහු ගේ බිරිඳ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ ඔස්සේ පරීක්ෂණ කළ පොලීසිය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගනු ලැබීය. විදුහල්පතිවරයා ද මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් පසු දරුවා පාසලෙන් ඉවත්කර ගැනීමට වෛද්‍යවරයාගේ සහෝදරයා කටයුතු කර තිබිණි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සිද්ධිය සම්බන්ධයෙන් පසුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු මේ වනවිට සිටින්නේ ඇප මත නිදහස්වය.

පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා සිටි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද අයත් ය. ආදි සිසුවෙකු නොවන පුද්ගලයෙකු ආදි සිසුවෙකු ලෙස පෙනී සිටිමින් දරුවා ඇතුළත් කිරීමට උත්සාහ කිරීම එම සාමාජිකයා නොදැන සිටියේ ඇයිද යන්න පොලීසිය ප්‍රශ්න කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන ආනයන රෙගුලාසි වෙනස් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි!

Next Post

කොටි 15කට වැඩි වීදි වටිනාකමක් සහිත හෂීස් තොගයක් සමග කොළඹ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.