අද (15) අළුයම ග්රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල ප්රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ.
තියුණු ආයුධ ප්රහාරයට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මිය ගොස් ඇත්තේ එකම පවුලේ 23 හා 24 වයසේ පසුවන තරුණ සහෝදරයින් දෙදෙනෙකි.
ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ග්රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







