ශ්‍රියානි විජේසිංහ –
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට කිරීමේ සිද්ධියේ දූෂකයාට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්රියේදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක් කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර අදාළ වෛද්‍යවරිය දූෂණයට ලක් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු ඊයේ දිනයේදී ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැගව සිටියදී ගල්නෑව පොලිසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් එක්ව සිදුකළ සෝදිසියකදි අත්අඩංගුවට ගනු ලැබිය. සැකකරු මේ වන විට අනුරාධපුර පොලිස් ස්ථාන භාරයේ පසුවේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරිම් වලදී අදාළ වෛද්‍යවරිය බිය ගැන්වීම සදහා භාවිත කළ පිහිය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.







