බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලුකිස්තාන බෙදුම්වාදීන් මගීන් සහිත පකිස්ථාන දුම්රියක් පැහැරගනී… හමුදා නිලධාරීන් ඇතුළු මගීන් සිය ගණනක් ප්‍රාණ ඇපයේ!

by editor
මාර්තු 11, 2025
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ නිරිතදිග පළාතක් වන බලුකිස්තානයේ දුම්රියකට පහර දී සිය ගණනක් පුද්ගලයින් ප්‍රාණ ඇපයට ගත් බව බලුකිස්තාන විමුක්ති හමුදාව නැමැති බෙදුම්වාදී සටන්කාමීහු අද නිවේදනය කළහ. ඔවුහු එම ප්‍රකාශය නිකුත් කරන්නේ අදාල ප්‍රහාරයේ වගකීම භාර ගනිමිනි.

මෙම ප්‍රහාරයෙන් හමුදා නිලධාරීන් හය දෙනෙකු මිය ගොස් ඇති බවත් ප්‍රාණ ඇපකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් ද සිටින බවත්
ඔවුහු නිල වශයෙන් නිවේදනය කර තිබුණහ. බෙදුම්වාදීන් දැඩි ලෙස අනතුරු අඟවා ඇත්තේ තම ප්‍රහාරයට එරෙහිව ආරක්ෂක හමුදා මෙහෙයුමක් සිදු කළහොත් දැඩි අහිතකර විපාක භුක්ති විඳීමට පකිස්ථානයට සිදුවනු ඇති බවය.

ප්‍රහාරය එල්ල වීම

අද (11) මෙම ප්‍රහාරය එල්ල වන්නේ ක්වෙටා පළාත් අගනුවර සිට උතුරු පෙෂාවර් නගරය දක්වා ගමන් කරමින් ජෆාර් එක්ස්ප්‍රස් දුම්රියටය. ජැෆර් එක්ස්ප්‍රස් නම් දුම්රිය, ක්වෙටා සිට කයිබර්-පක්තුන්ක්වා පළාතේ පෙෂාවර් නගරය  දක්වා දුම්රිය ගමන කිලෝමීටර් 1,600කි. එනම් සැතපුම් 994 කි. මෙම දුම්රිය ගමනට පැය 30 කට වඩා වැඩි කාලයක් ගතවන්නේය. මාර්ගයේ දුම්රිය නැවතුම් 30 කට වඩා තිබේ.

ප්‍රහාරය එල්ලවන විට ජෆාර් එක්ස්ප්‍රස් දුම්රියේ මැදිරි 09 තුළ මගීන් 400ක් පමණ ගමන් කරමින් සිට ඇති බව දුම්රිය ආරංචි මාර්ග උපුටා දක්වමින් අල් – ජසීරා පුවත් ඒජන්සිය වාර්තා කළේය.

දුම්රියට දැඩි වෙඩිතැබීම් වාර්තා වීමෙන් අනතුරුව ක්වෙටා සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 160 ක් (සැතපුම් 100) දුරින් පිහිටි සිබි නගරයේ ප්‍රධාන රෝහලක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව ද පළාත් රජයේ ප්‍රකාශක ෂාහිඩ් රින්ඩි උපුටා දක්වමින් අල් – ජසීරා පවසයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පකිස්ථාන හමුදාවෙන් ක්ෂණික අදහස් දැක්වීමක් සිදුකර නැත. කෙසේ වෙතත් පකිස්ථාන හමුදා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා ආරක්ෂක හමුදා මෙන්ම හෙලිකොප්ටර් යානා ද එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ. මෙම ප්‍රදේශයට අන්තර්ජාල සහ ජංගම ජාල ආවරණයක් නොමැති බව බීබීසී වාර්තා කර ඇත.  තවද බලුකිස්ථාන ප්‍රදේශවාසීන් ලෙස සැලකෙන ළමුන් 11 දෙනෙකු, කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමින් 43 දෙනෙකු  සහිත මගීන් 80 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්  දුම්රියෙන් බැස ළඟම ඇති දුම්රිය ස්ථානය වන පනීර් වෙත ළඟා වූ බවයි.

මුදාහළ කණ්ඩායම මැක් දුම්රිය ස්ථානයට භාණ්ඩ ප්‍රවාහන දුම්රියකින් ගමන් පහසුව සලසා එතැන් සිට නැවත ක්වෙටා වෙත ඔවුන් රැගෙන යාමට බස් රථයක් සූදානම් කර තිබුණු බව බීබීසී වාර්තා කරයි.

දුම්රිය ගමන් මග

බලුකිස්තානයේ දුම්රිය මාර්ගයට ප්‍රහාරයක් එල්ල කරන බව බලුකිස්තාන විමුක්ති හමුදාව විසින් කළ අනතුරු ඇඟවීමක් නිසා මාස දෙකක් තිස්සේ මේ මාර්ගයේ දුම්රිය ගමනාගමනය නැවති තිබිණි. එම සේවය යළි ආරම්භ වන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

ඛනිජ සහ ස්වාභාවික සම්පත් වලින් පොහොසත් බලුකිස්ථාන පළාත පකිස්තානයෙන් වෙන්වීම සඳහා වාර්ගික බලුකිස්ථාන විමුක්ති හමුදා බෙදුම්වාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ගැටුම් පවත්වාගෙන යන්නේය.

ප්‍රදේශයේ දියත් වී ඇති තියුණු හමුදා මෙහෙයුම් ද නොතකා මෑත වසරවලදී, ඩොලර් බිලියන 62 ක සංවර්ධන මුලපිරීමක් වන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට එරෙහිව ද බලුකිස්තන විමුක්ති හමුදාව සහ අනෙකුත් කණ්ඩායම්වල නිරන්තර ප්‍රහාර එල්ල කරමින් සිටින්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිල ගණන් අනුමත කරගත්තේ වසර 2ක් සාකච්ඡා කරලා… පෙර තිබූ අනුමැතීනට නිල වශයෙන් එකඟ නම් සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරනවා… අදානි රජයට දන්වයි…

Next Post

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනගේ වත්තේ තවත් ගිනි අවි සොයා මෙහෙයුම්… සැකකරු හෙට අධිකරණයට…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.