අනුරාධපුර – පර්සි කුරුනේරු-
වව්නියාව පූන්තෝට්ටම්හි පිහිටි විෂ මත්ද්‍රව්‍යයට වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය ලබන සමූපකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටිනා සිය පුත්‍රයා බැලීමට ඉකුත් 08 වෙනිදා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 240 ක් රැගෙන ගිය කුරුණෑගල වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කොට ඇත.
කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව මෙම වැඩ තහනම ක්‍රියාත්මක කොට ඇත.
වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා වාරියපොළ කටුපොත රත්මලළ ප්‍රදේශය පදිංචි පනස් හත්වෙනි වියෙහි පසුවන අයෙකි.
ඉකුත් 08 වෙනිදා පෙරවරුවේ පුනරුත්ථාපනය ලබන සිය පුත්‍රයා බැලීමට උප පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පවත්වාගෙන යන පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පොලිස් සුනඛයන්ද යොදවා ගනිමින් එහි යන අමුත්තන් සහ රැගෙන යන භාණ්ඩ දැඩි සෝදිසි කිරීම්වලට ලක් කරනු දැක ඇත.
එම අවස්ථාවේ බියට පත් උප පොලිස් පරීක්ෂකවරයා ඉන් ඉවතට ගොස් තම මුදල් පසුම්බිය තුළ තිබූ යමක් එළියට රැගෙන විසි කරන අයුරු එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සහ පොලිස් නිලධාරීන් දැක තිබේ.
ඔහු විසින් විසි කරනු ලැබුවේ මොනවාදැයි පරීක්ෂා කිරීමේ දී අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් බවට අනාවරණය වී ඇත.
අනතුරුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වව්නියාව පොලිසියට අනුයුක්තව ස්ථාපිත කර තිබෙන පොලිස් මුරපොළ නිලධාරීන් විසින් සැකකාර හිටපු උප පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට තිබිණි







