මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදි, 08 වෙනිදා සවස මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක් අනතුරට පත් කරමින් පසු මඩකලපු දෙසට පලාගිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්, බස් රථයක් සහ එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
ටිපර් රථයේ රියැදුරු මේ පිළිබඳ වැලිකන්ද පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමකදී එම බස් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අනතුරෙන් ටිපර් රථයේ ඉදිරියට හානි සිදුව තිබෙන අතර රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැත.
අත්අඩංගුවට ගත් රියැදුරු පුදුකුඩිරිප්පු ප්‍රධාන පාර, වාලච්චේන. පදිංචි, 52 ක් වයසැති රත්නසිංහම් දේවකුමාර් යන අය
පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් බස් රථය සහ රියදුරු ඇප මත නිදහස් කර ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති එල්. පී.ජේ. කුමාරසිංහ මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකරති.







