රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම සම්බන්ධව තමන් විසින් 2025.02 27 වැනි දින තමන් විසින් ඇසූ 27/2 ප්රශ්නයේ දෙවැනි අතුරු ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අමූලික බොරු පිළිතුරක් ලබා දී ඇති බවත්, එසේ බොරු පිළිතුරු ලබා දෙමින් තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ ර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ඇසූ ප්‍රශ්නයකට අසත්‍ය පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව නොමග යැවීමක් මෙන්ම මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවය.
ඔහු අවධාරණය කළේ බොරු පිළිතුරක් ලබා දී වරප්‍රසාද උල්ලංඝනය කරන්නේ රටේ අග්‍රාමාත්‍යවරිය වීම බරපතල තත්ත්වයක් බවය.
2024 වසරේ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර වෙනුවෙන් එහි පාලක සභා තීරණය අනුව මහාචාර්ය ගිනිගද්දර , ආචාර්ය රාජපක්ෂ සහ මහාචාර්ය පර්සි විජේවර්ධන යන අය නම් කර ඇති බවත්, ඒ වෙනුවට නැවත පාලක සභාවක් පත් කර නැවතක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූයේ කුමක් නිසාදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එදා අගමැතිනියගෙන් විමසුවේය.
ඇය ප්‍රකාශ කර තිබුණේ එම නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් නැවත තෝරා ගැනීම සිදුකිරීමට සිදු වී ඇති බවය.
මන්ත්‍රීවරයා අවධාරණය කළේ මේ තොරතුරු ඉතාම සාවද්‍ය බවය. අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළේ බොරු තොරතුරු බව ඔප්පු කිරීමට මන්ත්‍රීවරයා විසින් ලිපියක් සභාගත කර හැන්සාඩ්ගත කළේය. එම ලිපිය 2025/01/06 දින විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර රජරට විශ්වවිද්‍යාලේ ලේඛකාධිකාරී වෙත යැවූ ලිපිය ය.
ඉන් කියැවුනේ ජනාධිපතිවරයා ගේ නිමය පරිදි මෙම අයදුම්පත් ප්‍රතික්ෂේප කර නැවත අයදුම්පත් කැඳවීම සිදුකිරීමට ජනාධිපති ලේකම්වරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවය.
” එම ලිපිය පැහැදිලිවම පෙනී යනවා 2025 ජනවාරි 06 වැනිදා ජනාධිපති ලේකම් තුමා විසින් දැනුම් දෙනවා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තුමාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්න කියලා නැවත අයදුම්පත් කැඳවීමක් කරන්න කියලා.”
“එම ලිපියේ අන්තර්ගත කරුණු අනුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දුන් උපදෙස් අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැවත මෙම රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය සඳහා අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර සුදුසු නාම යෝජනා නැවත එවන ලෙස දැනුම් දී ඇති තහවුරු වෙනවා. ”
“ඒ අනුව ගරු අග්‍රමාත්‍ය තුමිය මෙම සභාවට පැහැදිලි කළ පරිදි කලින් ඉදිරිපත් කළ නම් තුන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතික්ෂේප කළ බව කීම අතිශයින්ම සාවද්‍යයයි.” මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සාමාන්‍යයන් සිදුවන කාර්ය භාර්ය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යම් කිසි පාලන සභාවක් නම් කර නම් තුනක් එවූ පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක් නමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමය.
එම නම්වල යම් නොගැලපීමක් ඇතිනම් අදාල පාලක සභාවට නම් තුන නැවත යොමු කරනු ලබයි.
නමුත් ඉහත ඉදිරිපත් කර ලිපිය අනුව ඉතාම පැහැදිලිව මෙම නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවීමට උපදෙස් දෙනු ලබන්නේ ජනාධිපති නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් බව මන්ත්‍රීවරයා හෙළි කළේය.
“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිරීක්ෂකයෙක් මෙම පාලක සභාවේ උප කුලපතිවරයා තේරීමේ වැඩපිළිවෙළට ඉදිරිපත් වෙනවා. මේ ලකුණු දෙන ක්‍රමය වෙනස් වෙලා නෑ. මේක ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ජනාධිපති ලේකම්වරයා විසින්. ”
“පාලක සභාවේ ලිපිය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතිනම්, එවැනි ලිපියක් තිබේ නම් එය සභාවට ඉදිරිපත් කරන්න කියලා මම එතුමියගෙන් ඉල්ලා සිටින්න කැමතියි.”
“මෙම ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු වලට මීට පෙර බලශක්ති ඇමතිතුමා ලබා දුන් වැරදි තොරතුරු පිළිබඳව මා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරනු ලැබුවා.”
“මේ කරුණ ඉතාම බරපතල වන්නේ අග්‍රාමාත්‍යතුමිය ද මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි. ” මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද ප්රශ්ය මතුකරමින් කීවේය.







