බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට කෙළ ගැසූ කොවිඩ් ආසාදිත පුද්ගලයා ප්‍රදේශයේ ගවයින් සොරකම් කිරීමට සම්බන්ධ චෝදනා පවතින පුද්ගලයකු බවත් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් පසුව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ සහ පෙරේදා අටලුගම වැසියන් සඳහා පීසීආර් සහ වේගවත් ප්‍රතිදේහ පරීක්ෂණ දහසකට ආසන්න ප්‍රමාණයක් සිදු කරන ලද අතර මෙම එයින් පුද්ගලයන් 96 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. ඔවුන් සොයා ප්‍රතිකාර සඳහා යෙදවීමේ අදහසින් ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් එක් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට උත්සාහ කිරීමේදී ඔහු එසේ යාමට ප්‍රතික්ෂේප කොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගමන් ගත් වාහනයේ දොර බලහත්කාරයෙන් විවෘත කොට ඔවුන් වත කෙළ ගසා තිබේ. මෙම වාහනයේ ගමන් ගත් කණ්ඩායම නිරෝධායනයට ලක් කොට අදාළ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට අදාළ පියවර මේ වනවිට ගෙන ඇත.
අටලුගම ප්‍රදේශයේ වැසියන් දිගින් දිගටම කොවිඩ් මර්දන කටයුතුවලට බාධා කළ අතර ඔවුන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කරන ලද අහඹු පීසීආර් පරීක්සණවලදී ව්‍යාජ නම් සහ ලිපින ලබා දීම හේකුවෙන් ආසාදිත පුද්ගලයන් 20ක් පමණ හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමට යොමු කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් වැඩි වීමේ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය අගුලු දමන ලද ප්‍රදේශයක් බවට මේ වනවිට පත් කර ඇත. එසේ වුවද ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු වීමේ පවතින බවත් අකැමැත්ත හේතුවෙන් විශාල පරිශ්‍රමයක් සහ උපක්‍රම රැසක් භාවිත කරමින් පීසීආර් පරීක්ෂණවලට බඳුන් කිරීමට පසුගිය දින කිහිපයේදීම සෞඛ්‍ය අංශවලට සිදුවිය. ඊයේ මහජන සෞක්‍ය පරීක්සණවරුන් මෙම අමිහිරි අත්දැකීමකට මුුණ දුන්නේ එසේ ආසාදිතයන් බවට හදුනා ගත් පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්තාන සඳහා යොමු කිරීමට කටයුතු කළ අවස්ථාවේදීය.







