අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුව මත දී වෙඩි තබා ඝාතනය කළ ගණේමුල්ලේ සංජීව ගේ ඝාතනය සම්බන්ධව රහස්ය වාර්තාවක් ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී ලබා දී තිබේ.
එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්රකාශ ලබා ගැනීමට ද නියමිතය. සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබයි. ( අද දෙරණ)







