බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..

by editor
පෙබරවාරි 22, 2025 - Updated on පෙබරවාරි 23, 2025
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මාලිමා ආණ්ඩුව   පතිවත සිඳගත් බව විශ්වාස කරමි. ඒ කොටහේනේ දී  අත් අඩංගුවට ගත් ඝාතන සැකකරුවන් දෙදෙනා පරණ පුරුදු පිටපත අනුව සඟවා ඇති  ආයුධ සොයාන්නට කාක දූපතට මහ රෑ රැගෙන ගොස් ඝාතනය කිරීමෙනි.

අඩුම තරමින් මාලිමා ආණ්ඩුවේ  පොලිසිය  මේ පරණ ඝාතන පිටපතවත් වෙනස් කරනු ඇතැයි විශ්වාස කළෙමු. අනුර සහෝදරයා මීට කාලෙකට කලින් කීවේත් මේ අල්ලන සෙල්ලමේ කතාව කිසිවෙක් පිළිගන්නේ නැති බවය.  ඒ කෙසේ වෙතත්  අඩුම තරමින් මාලිමාවේ මතවාද වෙනුවෙන් පෙනී සිටි මිනිස්සුන්ව නන්නපෝල් නොකර සිටීමේ වගකීමක්  මාලිමා ආණ්ඩුවට ඇතැයි අපි සිතුවෙමු. ඒත් ඔවුන් දැන් අප සියලු දෙනාම නිරුවත් කර ඇත.

අවසානයේ දී  වැළ මදුලු වෙන්නට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකුගේ   අත් පා බැඳ අනතුරුව වීඩියෝ කර එම වීඩියෝ සමාජ මාධ්‍යයේ ඔස්සේ සංසරණය වූ පසු  මාලිමා ආණ්ඩුවේ පොලිසිය   මේ නිවේදනය   නිකුත් කළේය.

පහත දැක්වෙන්නේ පොලිසිය සමග පොර බදා ආයුධය උදුරා ගන්නට උත්සාහ කළ බව කී සැකකරුවන් ආයුධ පෙන්වීමට සඳහා රැගෙන යාමට ස්වල් මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවේ  සිටිය හැටිය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ

මේ සිදුවන්නේ කුමක් දැයි අපට පැහැදිලි නැත.  එහෙත්  ආණ්ඩුව  පැනික් වී ඇති ප්‍රමාණය පසුගිය දින කීපය තුළම දැක ගත හැකි විය. සංජීවට වෙඩි තැබූ තැන බලන්නට පැමිණි   වටගල සහෝදරයා මාධ්‍ය ඉදිරියේ දෙකොන පූට්ටු කරගත්තේය. අනතුරුව සිය රියදුරු සහෝදරයාට බූරුවා කීවේය. අන්තිමට ඇමති නලින්ද සහෝදරයාට වටගල සහෝදරයාගේ බූරු කතාව වෙනුවෙන් සමාව ගන්නට සිදුවිය.

සැකකරු අත් අඩංගුවට ගැනීමට යන ස්ථානයේ කැමරාවක් දමා තිබිණි. සැකකරු අත් අඩංගුවට ගැනිම කලින් සකස්කළ පිටපතකට අනුව සිදුවී දැයි අපට සිතුනේ එම කැමරාවෙන් වාහනය නැවැත්වීම, සැකකරුගෙන් ප්‍රශ්න කිරීම, ඇතුළු දර්ශන වීඩියෝගතව තිබීමෙනි.  අප දන්නා ඉතිහාසය තුළ මේ තරම් ගේමක් දුන් සැලසුමක වෙඩික්කරුවෙක් පෙම්වතිය සමග ෂොපින් කර, පෙම්වතිය හැරලවා  රොමෑන්ටික් සමුගැනීමකින් අනතුරුව   සැපට සැපේ පැමිණ පැය 08ට පසුව පාලවියේ දී සිනාසෙමින් අත් අඩංගුවට පත්වීමට තරම් ගොබ්බ එකක් වීම අතාර්කකය. එව්වේ ඩමියක් දැයි මේ පිළිබඳ  විචාර බුද්ධියක් ඇති මිනිස්සු විමසා සිටියේ එබැවිනි.

පොලිස්පතිවරයාට යැවූ ඇතැම් ඡායාරූප ස්වල්ප වේලාවකින් මාධ්‍යයට ආවේය. ඒ ඡායාරූප සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරිනි. ඇමති ආනන්ද විජේපාල සහෝදරයා පැවසුවේ එම ඡායා රූප AI නිර්මාණයන් බවය. ආණ්ඩුවකට  මේ තරම් විකල් විය යුතු සිද්ධියක් වී  යැයි අපට නම් හිතෙන්නේ නැත.

මේ ආණ්ඩුව මුහුණ දුන්නේ මේ රටේ ඕනෑම ආණ්ඩුවකට මුහුණ පෑමට සිදුවිය හැකි තත්ත්වයකටය. ඉලක්ක අරමුණක් සහිතව ආයුධයක් ගත්   වෙඩික්කරුවෙක් සිවිල් මනුෂ්‍යයින් සහිත ඕනෑම භූමියකට ඇතුළුවුවහොත් සිදුවිය හැකි ඛේදවාචකයක් නැවැත්විය නොහැකි බව අපි අත් දැක ඇත්තෙමු. එල්ටීටීඊ පිස්තෝල කල්ලිය ගැන අත්දැකීම් සහිත මේ රටේ මිනිස්සුන්ට ඒ යතාර්ථය අරුමයක් නොවේ.

එමෙන්ම මේ උසාවියක විත්ති කූඩුව තුළ විත්තිකරුවෙක් ඝාතනය වුන මුල්ම අවස්ථාවත් නොවේ.

වව්ල්කැලේ ඝාතන සිද්ධියේ සැකකාර වීරඟුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ ඔහුගේ මාමණ්ඩිය  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ දී මරා දැම්මේය. ඒ 90 දශකයේ මුලය. ඒ ඝාතනය කරන්නේ ගම්පහ ඔස්මන්ය.

1994 දී චින්තක අමරසිංහ නම් කුප්‍රකට අපරාධකරු පාතාල වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරට ඉලක්ක විය. නමුත් ඔහු මැරුණේ නැත. 2004 දී ධම්මික අමරසිංහ ඝාතනය වන්නේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 6 දරන ශාලාවේ විත්ති කූඩුව මතදීය.  වෙඩික්කරු එන්නේත්  නීතිඥයෙක් ලෙස වෙස්වලාගෙනය.    ධමිමික අමරසිංහට වෙඩි තබා ඝාතනය කළේය. නමුත් ඔහු පලා ගියේ නැත.  තමත් ඔහු බන්ධනාගාරයේය. ගංගොඩවිල උසාවිය තුළ විත්ති කූඩුවේ බොම්බයක් අටවා එහි සිටි සැකකරුවන් සියලු දෙනා ඝාතනය කළ සිද්ධියක් වාර්තා වන්නේ 2005 අවුරුද්දේය. මින් පෙර ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ 2022 අගෝස්තු 05ය. ඒ 2022 දී විත්තිකූඩුව මත සිටි සැකකරුවෙකුට ගල්කිස්ස අධිකරණයේ දී වෙඩි තබනු ලැබුවද වෙඩික්කරුගේ ඉලක්කය වැරදුනේය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය වන්නේ ඒ ආකාරයේම සැලසුමක ප්‍රතිඵලයක් ලෙසය. ආණ්ඩුව වෙනස් වුනාට පාතාලය වෙනස් වී නැත. පාතාලයේ ක්‍රියාකාරීන් වෙනස් වී නැත. පාතාලයට සම්බන්ධ දේශපාලනය සහ අපට නොපෙනෙන පාතාල ආයෝජකයින් වෙනස් වී නැත.  එබැවින් රටක ආණ්ඩුවක් මේ ආකාරයේ සිද්ධියකින් හෝ දෙකකින් පැනික් විය යුතු නැත.

ආණ්ඩුවේ නන්නත්තාරවීම කොපමණදැයි අප දකින්නේ  ඊයේ  පොලිස් අත් අඩංගුවට ගත් සැකකාර අපරාධකරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට තරම් විකල් බව තීව්‍ර වීමත් සමගය.

ඒ සමග ඇතිවන තත්ත්වය අද උදේ ආක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය සාකච්ඡාවේ දී දුටුවෙමු.  වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා වැල කෑ පබිලන්ගේ මට්මට පත් වී සිටියේය.

රටේ මිනිස්සු වෙනස් වී ඇති බවත්, දේශපාලනය වෙනස් වී ඇති බවත්, චින්තනය වෙනස් වී ඇති බවත් මිනිස්සු ස්මාට් වී ඇති බවත්  කීවේ අනුර සහෝදරයා ය. ඒත් අනුර සහෝදරයාගේ ආණ්ඩුව ඊයේ කළ කුපාඩි වැඩේ ඔයිට වඩා ස්මාට් විදිහට අපට දේශබන්දු ලවා කරගන්න තිබුණි. ඒ ක්‍රමය වෙනස් කිරීමට කැමති වු මා ඇතුළු පිරිසට  අනුර සහෝදරයා මෙසේ කීවේය.

දැන් ඒ වෙඩි තබා කළ ඝාතනය මොනතරම් ව්‍යසනයක් තමන් විෂයෙහි ඇති කර ඇති දැයි ජනතාව කරන මේ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවට දැනෙනු  ඇතිදැයි නොදනිමි. අද ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේ දී රට ඉදිරියේ ඔවුන්   නිරුත්තර කරන ප්‍රශ්න කිරීමකට   ලක් වුනේය.

මාධ්‍යය –  අපි දැක්කා ඊයෙ කොටහේනේ පුද්ගලයෙකුට වෙඩි තියනවා. ඔව් වෙඩි තැබීම වැරදියි.  නමුත් මේ ආණ්ඩුව මෙතෙක් කල් මිනී මැරුවේ නෑ. අරන් ගිහින් ආයුධ පෙන්වන්න ගෙනිහින් වෙඩි තියලා මැරුවෙ නෑ. ඒත ඊයේ රාත්‍රියේ දෙන්නෙක්ව මරලා දාලා තියනවා.

පහුගිය ආණ්ඩුත් මේවා තමයි කළේ. ඊනියා යුක්තිය මෙහෙයුම කියලා දේශබන්දුලා ගෙනිහිල්ලා කලේ මොකක් ද?. බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරලා දැම්මා. මේ ආණ්ඩුව ගෙනාවේ ඒකට නෙමෙයි. මිනිස්සුන්ගේ අභිලාෂය ඒක නෙමෙයි.

අපි කියන්නේ නීතියක් තියනවා. නීතිය ඉදිරියට පමුණුවන්න. ගණේමුල්ල සංජීවගේ ‍ඝාතන සැකකරු අත් අඩංගුවට අරන් නීතිය ඉස්සරහට ගෙනාවේ.

ඔබතුමාලත් හැම අවස්ථාවකම චෝදනා කරනවා පරණ දේශපාලනයට.  අපි දන්නවා. මාධ්‍යවේදිනුත් ඒ දේශපාලනයෙන් මැරුවා.  ඒකට ප්‍රති උත්තරය නීති විරෝධීව අවනීතිකව කටයුතු කිරීම නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපරාධ නීතීන්ට අනුකූලව කටයුතු කිරීම. ඒකයි අපි කියන්නේ. ඊයේ සිදුවීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. නීති විරොධීව කටයුතු කරන බවක් පේනවා. මේකට හේතුව මොකක් ද කියලා අපට දක්වන්න.

වැඩබලන පොලිස්පතිවරයා ඒ අවස්ථාවේ දී කතා කළේය.

“නීතියේ ප්‍රතිපාදන  තියනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න. එය ඔබටත් තියනවා.  පොලිස් නිලධාරියෙකුටත් තියනවා. පොලිස් නිලධාරියෙකුට සිවිල් වැසියෙකුට වඩා වැඩි  වගකීමක් සහ වගවීමක් තියනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න.”

මාධ්‍ය – “ SC/FR 398/2008 කියන මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා 2023 අප්‍රේල් මස 02 දා ගයිඩ් ලයින් එකක් නිකුත් කළා කියලා  උසාවියට භාර දුන්නා.    ඒ ගයිඩ් ලයින් එකේ තියනවා සැකකරුවෙක් රැගෙන යද්දි කොහොමද කටයුතු කරන්න ඕන කියලා. සම්පූර්ණ සිදුවීම සැකකාරයා එළියට ගත්ත වෙලේ ඉඳලා වීඩියෝ කරන්න ඕන කියලා. “

“මගේ පළවෙනි ප්‍රශ්නය. දැන් ඒ වීඩියෝ එක එළියට දානව ද?.”

“මේකෙ තියනවා සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම්වත් කරලා ගෙනියන්න ඕන කියලා.  ඒ විදිහට ද ගෙනිච්චේ”

“එතකොට මේ ගයිඩ් ලයින් එක පිළිපැද්දා නම් සැකකරුවන්ට පොලිසියේ ආයුධ උදුරා ගන්න වෙන්නේ නෑ. ගයිඩ් ලයින් එක පිළිපැදීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද?. “

“ඔබතුමා කිව්වා විදේශ රටවලින් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා සැකකරුවන් ලංකාවට ගේන්න. එතකොට ලංකාවට ගේන සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නෑ කියලා පිණිවිඩයක් ගියොත් යූ.එන් එක මාර්තු මාසේ රැස් වෙනවා. කොයිවගේ තත්ත්වයක් ඇති වෙයි ද?. “

පොලිස්පතිවරයා කෙටි සුමට උත්තරයක් දුන්නේය.

“මේක ඊයේ රෑ ඇතිවුන සිද්ධියක්. දැනටත් විමර්ශන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ දැනට අනාවරණයක් කරන්න ඉක්මන් වැඩියි කියන එකයි මගේ පිළිතුර. “

මාධ්‍ය – “ ඔබතුමාලා ගෙනාවේ ආර්ථික දේශපාලන සමාජ ප්‍රශ්න විසඳන්න. ඔබතුමාලත් පරණ විදිහ නම් ක්‍රියාත්මක වෙන්නේ. ගිය සිද්ධිය බලන්නකො ඉතින්. අපි දැක්කා අත් අඩංගුවට අරන් පොලිසියෙ අය දුන්න වද.    ගැට ගහලා. ඒ හැසිරීම බලන්න. අපරාධකාරයො තමයි. ඒක    ඒ ගොල්ල කියනව නේ. නමුත් අපරාධකාරයින්ටත් රජයක් හැටියට සලකන විදිහක් තියනවා නේ.” අප දකින්නේ ආරක්ෂක ලේකම්වරයා පොලිසිපතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා නිරුත්තරවන ආකාරය ය.

මාලිමා ආණ්ඩුවකට අත්වන මෙවන් විපතක් මේ තරම් ඉක්මනින් අප බලාපොරොත්තු වූයේ නැත. අඩුම තරමින් තමන්ට ඇති තුනෙන් දෙකක බලය ඇත්තටම තමන් සතු වන්නේ තමන් අනුමැතිය ලබා ගත් වැඩපිළිවෙළට පමණක් බව දැන් ජනාධිපති සහෝදරයා ඇතුළු සහෝදර මණ්ඩය තේරුම් ගත යුතුය.  SC/FR 398/2008 කියන මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා 2023 අප්‍රේල් මස 02 දා සැකකරුවෙක් පිටතට ගෙනයෑමේ දී සැපිරිය යුතු නිර්නායක පද්ධතියක්  උසාවියට ඉදිරිපත් කළේ ඒ  හුදකලා මානව හිමිකම් නඩුවක් නිසා නොව, ඒ වකවානුවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව  ජාත්‍යාන්තරව පැමිණි තියුණු පීඩනය වළක්වා ගැනීම සඳහාය.

එම චක්‍රලේඛය පහත දිගුවෙන් ලබා ගත හැකිය.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම

මේ බලයට  මාලිමා ආණ්ඩුව අසිමිත ලෙස ඔවුන් බිය විය යුතු බව මුල්ම දවසේ දි අපි ලියා තැබුවෙමු. බලය ඇත්තේ ආණ්ඩුවේ එක් එක් ආකාරයේ හිපාටුවන්ට නොව, වැඩපිළවෙළ වෙනුවෙන් ප්‍රකාශිත සන්දර්භයටය.

පක්ෂයක කාඩරයෙක් නොවී  යහපත් සමාජ අපේක්ෂාවක් සහිතව ජීවිත කැප කළ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ රටේ වූහ.  ඔවුන් තෝරා ගත්තේ අනුර කුමාර දිසානායක නොව, අඩු වැඩි වශයෙන් එකඟතා සහිත ඔහු ඉදිරිපත් කළ වැඩ පිළිවෙළය. මේ ආණ්ඩුව ප්‍රකාශිත වැඩපිළිවෙළ මත පැහැරුවේය.

අඩුම ගානේ මේ අණ්ඩුව බලයේ පිහිටුවීම සඳහා සිය සියලුම ජීවිත අපේක්ෂා කැප කළ  3%ක ප්‍රතිශතයෙන් එකෙක්වත් මේ කුපාඩිකම අනුමත කළොත් අනේ ඒ බව රටට දන්වන්න.

අනුර සහෝදරයා… විලි ලජ්ජයි….

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් කොමිසම පොලිස්පති රූකඩයක් කර ඇති හැටි වැඩබලන පොලිස්පති හෙළි කරයි!

Next Post

දීමනා කප්පදුව වහාම නිවැරදි කරන්න… නැතිනම්    හැකි උපරිම  පියවර ගන්නවා… GMOA ආණ්ඩුවට දන්වයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.