පොලිස් කොමිසම මේ රටේ පිහිටුවා ඇති ස්වරූපය අනුව පොලිස්පතිවරයා නාමික පුද්ගලයෙක් බවට පත් කර ඇතැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (22) පැවසුවේය.
ලෝකයේ කිසිම රටක නැති බලයක් සහිතව පොලිසියේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන පොලිස් කොමිසමේ හැසිරීම පොලිසියේ විනය පිරිහීමට ද ප්‍රධාන හේතුවක් බව ඔහු අවධාරණය කළේය.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ආක්ෂක ප්‍රධානීන් විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එහිදී මෙසේ ප්‍රකාශ කළේය.
පොලිස් කොමිසම් තියෙන්නේ පොලිසියේ අභයන්තරය පාලනය කරන්න නෙමෙයි. එක්සත් ජනපදය ගත්තත් වෙනත් රටවල් ගත්තත් මහජන ප්‍රශ්න විසඳන්න සහ නිලධාරී විෂමාචාර ක්‍රියා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න.
හැබැයි ඒ දෙකම පැත්තකින් තියලා පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිසම ඇවිත් තියනවා. මොකද වැරදි තැනක අපි පිහිටුවලා තියන හින්දා පොලිසියේ කටයුතු පාලනය කරගන්න බැරි තැනකට ඇවිත් තියනවා.
ඒ සම්බන්ධව මම ලිඛිතව දැනුම් දීලා තියනවා පොලිස් කොමිසමට. එකක් පත් කිරීම. අනික විනයානුකුළ කටයුතු කිරීම. අනිත් එක ඔවුන් ස්ථාන මාරු කිරීම.
මේ තුන නැතිනම් පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයෙක් බවට පත් වෙනවා. එතකොට අපට මෙකෙන් අවශ්‍ය සාධාරණය, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපහසු වෙලා තියනවා.
සමහර වෙලාවක අපි වැරදි මතකය හිටියා ස්ථානාධිපතිවරුන් පත් කිරීම කියලා. පත් කිරීමට අපි නිතිපතිතුමාගෙන් අර්ථ නිරූපණ ගත්තා. අපි කරන්නේ පත් කිරීමක් නෙමෙයි. ස්ථාන මාරු කිරීමක්.
අපි ඒ සම්බන්ධව දිගින් දිගටම ඉල්ලා සිටියා. එතැනින් නිවැරදි වුනොත්, පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීම, ඔවුන් සම්බන්ධව අදාල ක්‍රියාමාර්ග ගැනීම, පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලා ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඉන්නවා.
මොකද ඒක තමයි මේ විනය පිරිහෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපට නැවත පත් කිරීම්වල විශාල ගැටලුවක් තියනවා. ඒ සම්බන්ධයෙනුත් පොලිස් කොමිසමට භාර දීලා තියනවා.







