සංවිධානාත්මක ප්‍රබල පාතාල අපරාධකාරුවෙක් වූ ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ වෙඩි තබා ඝාතනය කර තිබේ.
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව වෙඩි තබා මරා දමන්නේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදීය.
ඝාතකයා නීතිඥවරයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර සංජීව ඝාතනය කර තිබිණි. වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය ද ඝාතකයා විසින් එම ස්ථානයට නුදුරින් දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.
මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.







