හෝමාගම රෝහලට අලුතින් පත්ව පැමිණි ඉහළම දේශපාලන බලපුලුවන්කාරමක් සහිත වෛද්‍ය අධිකාරිවරියගේ දරදඩු පාලනයන් හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් බරපතල ලෙස අවුල් වියවුල් තත්තවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට රෝහලේ වෛද්‍යවරුන් සියලුම දෙනා වෛද්‍ය අධිකාරිවරියගේ පාලනයට එරෙහිව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.
රෝහල් අධිකාරිවරිය ජනාධිපති ලේකම්වරයාගේ භාර්යාව වන අතර ඇය අයුතු ලෙස බලය පාවිච්චි කරමින් රෝහල තුළ කටයුතු කරමින් සිටින බවත් එය රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට හා රෝහල් පරිපාලනයට මහත්සේ බාධාවන් මතුකර ඇතැයි වාර්තාවේ.
ඇයට සිතු පරිදි වෛද්‍යවරුන් ඇතුළ සෞඛ්‍ය සේවකයින් ස්ථාන මාරුකිරිම, හිතුවක්කාර තීරණයක් ගැනීම , සාච්ඡාවන් සඳහා සහභාගි නොවීම වැනි දරදඬු පාලනයනයන් ගෙන යන බව මේ සම්බන්ධව කළ විමසීමක දී රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
පසුගිය සතිය තුළ රෝහලේ ඇති වූ පරිපාලනයම ගැටලුව විසඳීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට මැදිහත් වීමට පවා සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.
කෙසේ නමුත් ඇය මාරවිල රෝහලේ සේවය කරමින් සිට ඇති අතර වත්මන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස සිය සැමියා එම තනතුරට පත්වීමත් සමඟ ඇය හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ලෙස පත්විම ලැබ පැමිණියේ කෙසේද යන්න පිලිබඳව රෝහල් කාර්යය මණ්ඩලයට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
කෙසේ නමුත්ඇය ගෙන යන මෙම දරදඬු පාලනය වහාම නතර නොකළහොත් වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය රෝහලේ අනෙක්තු සේවාවන් වෙතද ව්‍යාප්ත විය හැකි බව රෝහල් සේවකයෝ අනතුරු අඟවති.







