රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. එම වැටුප් වැඩිවීම අදියර 03කින් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
ජනාධිපතිවරයා එම යෝජනාව මෙසේ ඉදිරිපත් කළේය.
රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින් සියලු සාධක සමස්ථයක් ලෙස තක්සේරු කර වැටුප් ව්‍යුහයක සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තියනවා..
රාජ්‍ය අංශයේ සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා දීම අවශ්‍යවන අතර රජයට දක්ෂ හා පුහුණු ශ්‍රමිකයින් ආරක්ෂා කිරීමට හැකිවන පරිදි අයවැය මත අධික බරක් පැටවීම වළක්වා ගනිමින් මෙම වැටුප් වැඩිකිරීමට අප අපෙක්ෂා කරනවා.
ඒ අනුව අවම මාසික මූලික වැටුප රුපියල් 24250 සිට රුපියල් 40000ක් දක්වා රුපියල් 15750කින් වැඩි කිරීමට අපි යෝජනා කරනවා.
මේ අනුව මම දැක්කා සමහර ගුරු ශ්‍රේණිවල මූලික වැටුප 38000යි. එම වැටුප 61000 දක්වා වැඩි වෙනවා. මම හිතන්නේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ රුපියල් 80000ක් -90000ක් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි වෙනවා.
දැනට පවතින තාවකාලික අතුරු දීමනාව විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8750ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදුකිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය ඇතුළත් වෙනවා…
රුපියල් 15750ක අවම මූලික වැටුප් වැඩිකිරීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් වැඩි කරනවා. ඒ අනුව රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා වැඩි කරනවා. රුපියල් 500 වැටුප් වර්ධකය රුපියල් 900 දක්වා වැඩි කරනවා. රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට යෝජනා කරනවා.
මෙම වැටුප් වර්ධක සඳහා සමස්ථයක් වශයෙන් වියදම රුපියල් බිලියන 3000ක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වර්ධකය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. ශුද්ධ වැටුප් වැඩිවීමෙන් 5000ක් සහ ඉතිරි මුදලින් සියයට 30ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර ඉතිරි සියයට 70 වර්ෂ 2026 හා 27 වසරවල ජනවාරි මාසයේ දී සමාන කොටස් ලෙස ලබා දෙනවා.
2025 වසරේ යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරන්න යෝජනා කරනවා.







