දිනසේන රතුගමගේ –
යාපනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය වන තමිලිනී සදීසන් ගින්නකින් දැවී මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඇය සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති බවය.
පවුලේ ආරවුලක් මත ඇය සිරුරට ගිනි තබාගෙන අධික වේදනා විඳ මිය යන විට ඇය හය මස් ගැබිණියක් බව හෙළි වී ඇත. ඇගේ කුස තුළ සිටි හය මාසයක බිළිදු කලලයක් ද විනාශ වී ගොස් ඇති ආකාරය යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සනාථ කොට තිබේ.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරියට අවුරුදු හයක දියණියක් ද සිටියි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකි. ඔහු සිය බිරිය රෝහල්ගත කරණ විට ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලුණු බවය.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වූ මෙම නිලධාරිනිය සිය සේවාව දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි නිලධාරිනියකි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ ඇය මාස හයක ගැබිණි කාන්තාවක් බවත් ඇයත් සමග කුසඔත් කළලය ද විනාශ වී ඇති බවත්ය.
ඉදිරිපත් වූ සාක්කි වලට අනුව මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ජෙයබාලන් තීරණය කොට ඇත.
අතර මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකොට යළි ගොඩ ගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරණ ලෙසටද නියෝග කොට තිබේ.







