නව රජයේ පළමු අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.
ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇත.







