මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ ග්රහණයෙන් ශ්රි ලාංකිකයින් 13 දෙනෙක් මුදා ගැනීමට එරට හමුදාවට හැකි වී තිබේ.
ශ්රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් නිව්ස් ෆස්ට් වාර්තා කරන්නේ මුදාගත් පිරිස ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑමට කටයුතු කර ඇති බවය.
තානාපතිනි ප්රභාෂිනී පොන්නම්පෙරුම ඇතුළු මියන්මාරයේ තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් පරිගණක අපරාධකරුවන්ගේ ග්රහණයේ සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කරමින් තිබේ.







