රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීමේ ජාතික වැඩසටහනක් අද (15) ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ ‘එක මිටට ගොවි බිම’ ලෙස එම වැඩපිළිවෙළ නම් කර ඇති බවයි.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන වගා කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.







