රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මොහොමඩ් ෆයිසාල් ගමන් ගත් රථය රිය අනතුරකට ලක් වී යතුරුපැදි කරුවෙක් මරණයට පත්ව තිබේ.
කොස්වත්ත, හාල්දඩුවන ප්රදේශයේදී අද (14) උදෑසන මන්ත්රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී ඔමු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි වෙන්නප්පුව පතහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







