අද (10) අලුයම කුරුණෑගල – තෝරයාය ප්රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වාර්තාවලට අනුව රියදුරු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අද අලුයම දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ තෝරයාය ප්රදේශයේදී මාදුරුඔය සිට කොළඹ දක්වා සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුයේය.
පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.
එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයන් 4 දෙනෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකුට තුවාල සිදු විය.
තුවාල ලැබූවන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කුරුණෑගල රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය අය අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවක් වේ. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







