දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කරන තුරු ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විදුලිය බිඳවැටීමත් සමග ජල සැපයුම් ඇනහිට තිබේ.
එමෙන්ම වහළ මත සූර්ය බල පද්ධති ස්ථාපිත කර ඇති පිරිසට විශේෂ ඉල්ලීමක් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ අද (9) පස්වරු 4.00 දක්වා සිය පද්ධති ජාතික විදුලිබල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය.
මේ වනවිට දිවයින පුරා සිදුවූ හදිසියේ විදුලිය බිඳවැටීම යථාවත් කිරීම සඳහා පූර්ණ ධාරිතාවයෙන් කටයුතුව කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලක් සියඹලාපිටිය පවසයි.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පැවසුවේ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධිවීම සිදුවූ බවය.







