කොළඹ කොටුවේ ඉදිවෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ.
මෙම ගින්න අද හටගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ය. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව වාර්තා වේ.
ඊයේ එම ගොඩනැගිල්ලේ 34 සහ 35 වැනි මහල්වල ගින්න හටගත්තේය. ගින්න හටගෙන තිබුනේ එම මහල්වල තිබු දැවමය පුරුවලය.
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊයේ (06) හටගත් ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 08 ක් යොදවූ බවයි.
අද ගින්න හටගන්නේ හේතුව අනාරවණය නොවූ ඊයේ ගින්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමකය.







