ශ්‍රියානි විජේසිංහ –
ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත නව රජයේ අය – වැය ලේඛනයට අදාල කරගැනීම සඳහා වෛද්‍යවරුන්ට අදාල යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබේ.
නිදහස් සෞඛ්‍ය සේවාවේ පදනම වන රෝහල් පද්ධතිය ස්ථාවරව සහ ඵලදායීව පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් ඔවුන් රටතුළ රැදී සිටීමට දිරිමත් කිරීම වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩ පිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද මෙම යෝජනාවලිය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අවධාරණයය කරයි.
මේ මොහොතේදී රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා වීමට නම් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා විය යුතුවා සේම රෝහල් පද්ධතිය ස්ථාවර විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
යෝජනාවලිය ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චමිල් විජේසිංහ පවසන්නේ මේ රටේ සිටින වෛද්‍යවරුන් තවමත් මේ රටේ අයහපත් වෘත්තීය පරිසරයක් තුළ සේවය කරමින් රැදී සිටන්නේ සේවාවට සාධාරණ වැටුපක් රහිතව, හරිහමන් නිල නිවාසයක් තබා වැඩ කිරීමට අවශ්‍ය මේසයක් පුටුවක් නොමැතිව බව ද පෙන්වා දෙයි.
ක්‍රමානූකූලව යම් කාල රාමුවකට යටත්ව එම යෝජනාවලිය ක්‍රියාත්මක කරීම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ ඒකමතික අභිලාෂය බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
යෝජනාවලිය පහත සඳහන් වේ.
වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීමට සහ රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට යෝජනා.
- සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් වෙනුවෙන් සුදුසුකම්, කාර්ය සාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.
- වෛද්‍යවරුන්ගේ DAT (බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන) දීමනාව යාවත්කාලීන කිරීම.
සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්, රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකර දී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර්ග්‍රහණය කිරීම. - සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි දීමනාව උපයා ගැනීමේදි මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
- පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම.
- සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහල නැංවීම.
- සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරදි කිරීම.
- වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්ට තීරු බදු සහන සහිත බලපත්‍ර යටතේ, මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම.
- වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත හඳුන්වාදීම.
- සෞඛ්‍ය සේවා ආයතනවල අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම
- සෞඛ්‍ය සේවා ආයතනයන්හි නිල නිවාස ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදී
- උපයන විට ගෙවීමේ බදු ව්‍යුහය සංශෝධනය කිරීම.
- බදු නිදහස් මාසික ආදායම් සීමාව රු. 100,000.00 සිට 200,000.00 දක්වා ඉහල නැංවීම.
- බදු ආදායම් කාණ්ඩ වල ප්‍රතිශතය 6% – 36% සිට 4% – 24% ලෙස සංශෝධනය කිරීම.
- බදු පැනවීමේ වාර්ෂික ආදායම් කාණ්ඩවල අගය රු. 500,000.00 සිට රු. 600,000.00 දක්වා සංශෝධනය කිරීම
- පවතින බදු ව්‍යුහය තුළ, වෘත්තීයවේදීන් සුවිශේෂී කාණ්ඩයක් ලෙස හඳුනා ගැනීම. වෘත්තීයවේදින්ගේ සම්පූර්ණ වැටුපටම බදු පැනවීම වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් හදුන්වා දීම.
- බදු මුදල් වියදම් කිරීමේදී වගවීමේ යාන්ත්‍රණයක් සහිත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
දැනුම ආර්ථික සංකල්පය මත පදනම්ව ආදායම් උත්පාදනය කිරීමේ යෝජනා. - ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවන් සපයන රෝහල් (Centers of Excellence) ස්ථාපිත කිරීම හරහා ආදායම් උත්පාදනය කිරීම.
- සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් සඳහා විශේෂ නිවාඩු ක්‍රමයක් ඔස්සේ විදේශයන්හි වෛද්‍යවරුන් ලෙස සේවාවේ නියුක්ත වීමට අවස්ථාව ලබාදීම හරහා විදේශ විනිමය උපයා ගැනීම.
- සායනික සංචරණ විද්‍යාව, පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්රයක් ලෙස හඳුනා ගැනීම සහ ඒ සඳහා අවස්ථාවන් පුලුල් කිරීම.







