හැටන් රංජිත් රාජපක්ෂ –
තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරියව පිහියකින් ඇණ ඝාතනය කළ සැමියා අද (04) දින අලුයම නාවලපිටිය පොලිසියට භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය පැවසිය.
මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) නැමැති හැවිරිදි තිදරු මවකි.
සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නිවසේ නැවති සිටි බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කර දානමය පිංකමකට සහභාගි විම සදහා ඊයේ (03) දින නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවසට පැමිණ නතර වි සිට ඇති බවත් විමර්ශන අංශ කියයි.
සිද්ධිය ඇසෙන් දුටු දියණිය පොලිසියට පවසා ඇත්තේ අද (04) අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලයෙන් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව නිවසෙන් පිටතට දිවගිය බවය. එහෙත් මව පිටුපසින් හඹා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇන ගලකින් හිසට ගසා මව ඝාතනය කළ බවත් ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත.
මව බේරිමට ගිය දියණියට ද තුවාල සිදු වි තිබේ. මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වු බවත් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
සැකකරු යුධ හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වු පුද්ගලයෙකු බවද පොලිසිය පැවසිය.
නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.







